ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

යුද්ධයේ අවසන් භාගයේදී සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විශ්වාසනීය පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රියා‍ නොකළහොත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට හැකියාව පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවි පිල්ලේ මහත්මිය පවසයි.

එල්.ටී.ටී.ඊය වැනි ත්‍රස්තවාදී සංවිධානයකට සහය දෙන ඩයස්පෝරාවලට ජගත් සංවිධානය තුළ කිසිදු ‍ගෞරවනීයත්වයක් බලාපොරොත්තු විය නොහැකි බවද මහ කොමසාරිස් නවි පිල්ලේ මහත්මිය කියයි.

සතියක නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මහ කොමසාරිස්වරිය සිය නිල සංචාරයේ අවසන් දිනය වන අද (31) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළාය.

පසුගිය ඉරිදා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය ඊයේ ජනපති මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් ඇතුළු කිහිප දෙනෙකුම මුණ ගැසී සාකච්ඡා කරන ලදී.


එසේම ඇය මහචාර්ය ජී.එල්.පීරිස්, මහින්ද සමරසිංහ, රවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්, අගවිනිසුරු මොහාන් පීරීස්, නීතිපති පාලිත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම සහ උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි යන මහත්වරුන් සමඟ ද ඉකුත් දිනවල සාකච්ඡා පැවැත්වීය.

එමෙන්ම උතුරු සහ නැගෙනහිර සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතුරුදන් වූ පවුල්වල සාමාජිකයින් සහ ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයින් රැසක් සමඟ ද පිල්ලෙයි මහත්මිය සාකච්ඡා පවත්වන ලදී‍.

යාපනය, ත්‍රිකුණාමලය, ප්‍රදේශවලද ඇය සංචාරය ක‍ළේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්