ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

නිසි ලෙස විනිසුරු කටයුතු නොකිරීම, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දුව දමා ගසන පන්දුයවන්නන් පරපුරක් බිහිවීමට හේතුවී ඇතිබව ඕස්ටේ‍්‍රලියානු හිටපු කි‍්‍රකට් විනිසුරුවරයෙකු වන ඩැරල් හෙයාර් පවසයි.

වසර 1996දී පන්දුව දමා ගසන බවට ඕස්ටේ‍්‍රලියාවේදී මුත්තයියා මුරලිදරන්ට එරෙහිව පළමු වරට චෝදනා එල්ල කර සිටියේ ද විනිසුරු ඩැරල් හෙයාර් විසිනි.

පන්දුව දමාගැසීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෑතකදී ගත් පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙයාර් පවසා ඇත්තේ එය විසි වසරක් ප්‍රමාද බවයි.
"මේ සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් පන්දුවේ දමා ගසන පන්දුයවන්නන් පරපුරක් බිහි වන බව මා 90 දශකයේ අවසාන භාගයේදී පවසා සිටියා. දැන් එය සිදුවී තිබෙනවා," යැයි ඔහු ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත පවසා තිබේ.

සයිඩ් අජ්මාල් ට එල්ල වී ඇති පන්දුව දමාගැසීමේ චෝදනා අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ,  මේ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට විනිසුරුවරුන් අපහොසත්වීම මෙමගින් පෙන්වන බවයි.

පන්දුව දමා ගසන්නන්ට මුත්තයියා මුරලිදරන්, ශක්ලේන් මුෂ්ටාක් සහ හර්බජන් සිං යන දඟ පන්දු යවන්නන් ආදර්ශයක් බව  ඕස්ටේ‍්‍රලියානු හිටපු කි‍්‍රකට් විනිසුරුවරයෙකු වන ඩැරල් හෙයාර් පවසනවා. මෙම ක‍්‍රීඩකයින්ගේ නීතිවිරෝධී පන්දු යැවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් බලධාරීන් පියවර නොගැනීම නිසා තරුණ ක‍්‍රීඩකයින් රැසක් ඔවුන්ව අනුගමනය කළ බව ඩැරල් හෙයාර් පෙන්වා දෙයි.

"මුත්තයියා මුරලිදරන්, ශක්ලේන් මුෂ්ටාක් සහ හර්බජන් සිං යන දඟ පන්දු යවන්නන් අනුගමනය කිරීමට තරුණ ක‍්‍රීඩකයින් රැසක් උත්සහ ගන්නවා. ගැටළුව ඒකයි. පියවර ගන්න තිබ්බේ ඒ ක්‍රීඩකයන් සම්බන්ධයෙන්... මෙය පිළිගත නොහැකි බවට දැනුවත් කිරීමට අයී.සී.සී. යට තිබ්බා. "

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්