මහියංගණයේ සිට තෙල්දෙණිය බලා ධාවනය වූ ලංගම බස් රථයක් රඹුක්වැල්ල ප‍්‍රදේශයේ සුදු ලූනු වංගුව ආසන්නයේදී ප‍්‍රපාතයකට පෙරළීමෙන් එක් අයෙකු මියගොස් තවත් හැට 64 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ තුවාල ලැබූවන් පළමුව තෙල්දෙණිය දිසා රෝහලට ඇතුළත් කෙරුණු බවයි.
ඔවුන්ගෙන් 43 දෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මහනුවර මහරෝහලට මාරුකර යවා තිබෙනවා. අනතුරින් මියගොස් ඇත්තේ මහනුවර මහරෝහලේ කනිෂ්ඨ සේවකයෙකු වන 40 හැවිරිදි පුද්ගලයෙක්. අද දහවල් 2.35ට පමණ මෙම අනතුර සිදුවුණා. අනතුර සිදුවූ අවස්ථාවේදීම එම ස්ථානයට පැමිණි පූජ්‍ය ගෝනදෙණියේ පියනන්ද හිමියන් නෙත් නිවුස් වෙත සිද්ධිය මෙලෙස විස්තර කළා.
තෙල්දෙණිය, රඹුක්වැල්ලේ සෝභිත පිරිවෙන අසල වංගුවක් තියෙනවා. ඒ වංගුවේ මහියංගණයේ සිට එන බස් එකක් ප‍්‍රපාතයකට පෙරලී තියෙනවා. මං ඒ වෙලාවේ එතැනට බලන්න ආවා. බලද්දී දැක්කා මිනිස්සු ඔක්කොම හිරවෙලා සිටියා. පස්සේ මං කට්ටියට කතා කරලා ඇම්බියුලන්ස්වලට එන්න කිව්වා. දැන් ඒ ඔක්කොම කට්ටිය අරන් ගියා. පස්සේ මම බස් එක පරීක්‍ෂා කළා. බස් එකේ කෑලි කෑලි කුඩුවෙලා තියෙන්නේ. බස් එක දෙකට මැදින් නැමිලා. රෝද පරීක්‍ෂා කළා. ඉදිරිපස රෝද දෙකේම කට්ට නැහැ. කට්ට නැති නිසා මේ බස් එක විසි වෙලා තියෙනවා කියන එක තමයි මට තේරුම් ගියේ. මෙම අනතුර සිදු වූ වංගුවේ මීට කලිනුත් වාහන දෙකෙක් අනතුරට ලක්වෙලා තියෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ද අදහස් දැක්වූවා.
අදාළ මගී ප‍්‍රවාහන බස් රථයේ රියැදුරාගේ නොසැලකිල්ලෙන් හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා. එය ප‍්‍රපාතයට පෙරලීමෙන් අනතුර සිදුවී තිබෙන්නේ. දැනට පරීක්‍ෂණ සිදු කෙරෙනවා. තුවාලකරුවන් තෙල්දෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තෙල්දෙණිය පොලීසිය පරීක්‍ෂණ පවත්වනවා.