ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

1977 ඔක්තෝම්බර් 27 වැනි දා මාතලේ දී උප ලද කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙහි සාමාජිකයෙක් මෙන් ම හිටපු නායකයා ද වේ. 
ඔහු මුල් පෙළ වමත් පිතිකරුවෙකි. ඔහු කඩුළු රකින්නා හා මුල් පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කිරීමට පුරුදු ව සිටිය ද ටෙස්ට් ක්‍රීඩාවේ කඩුළු රැකීමෙන් ඉවත්වීමත් සමග ම ඔහුගේ පිතිකරණයේ සැළකිය යුතු වෙනසක් ඇති විය. 
ඔහුගේ ක්‍රීඩා දිවියේ අවස්ථා කීපයක දී ම ලොව අංක එකේ ටෙස්ට් පිතිකරු බවට පත්වීමට ඔහුට හැකි විය. 
ලෝක කුසලානයේ දී ඉන්දියාවට එරෙහි ලද පරාජයත් සමග ඔහු නායකත්වයෙන් ඉවත් විය. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සහ බ්‍රයන් ලාරාට පසු ව ලොව වැඩි ම ටෙස්ට් ද්විතව ශතක ගණනක් රැස්කර ඇත්තේ සංගක්කාර ය. 

ඔහු සිය 08 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය 2011 ඔක්තෝම්බර් 21 දින අබුඩාබිහී දි පකිස්ථානයට එරෙහි වාර්තා කරන ලදි. 
කුමාරි වෙදආරච්චි චොක්ශන්ද්‍රා මුදලිගේ සහ චොක්ශාන්ද වෙදාඅරච්චි සංගක්කාර ඔහුගේ මව්පියෝ වෙති.
සංගක්කාර ඔහුගේ මූලික හා ද්වීතීක අධ්‍යාපනය ලැබුවේ නුවර නගරයේ තිබෙන ප්‍රමුඛත ම පාසලක් මෙන් ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් (අස්ගිරිය ක්‍රීඩාංගණය) හිමි ලෝකයේ එක ම පාසලවන ත්‍රිත්ත්ව විද්‍යාලයෙනි. 
වරක් ඔහු වසරේ විශිෂ්ඨ ම ශිෂ්‍යයාට පිරිනමන The Ryde Gold Medal සම්මානයෙන් ද පිදුම් ලැබී ය.
1996 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක දූරය දැරීමට ද ඔහුට හැකි විය. සංගක්කාර පාසල් සමයේ දී ක්‍රිකට් හා ටෙනිස් ක්‍රීඩා සඳහා විශේෂ දක්ෂතාවක් පෙන් වූ ශිෂ්‍යයෙකි
ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර එළැඹෙන පාකිස්තාන සංචාරයේ අවසන් ටෙස්ට් තරගයේ දී ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමු ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
එළැඹෙන සතියේ දී සංගා මේ සම්න්ධයෙන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සමග ද සාකච්ඡා කිරීමට නියමිත අතර එම සාකච්ඡාව මත සංගාගේ අවසන් තීරණය නිල වශයෙන් ක‍්‍රිකට් ආයතනයට බාර දීමට නියමිතයි.
පාකිස්තාන සංචාරයෙන් පසු ව ශ‍්‍රී ලංකාව තුළ ටෙස්ට් තරගයක් තවත් වසර එක හමරාක පමණ කාලයකට නොපැවැත්වීම මීට හේතුවක් වී ඇතැයි ද වාර්තා වේ.
2014 වසරේ ටෙස්ට් ලකුණු දහස පසු කළ පළමු පිතිකරුවා ලෙස සුපිරි කී‍්‍රඩක කුමාර් සංගක්කාර පසුගිය දා වාර්තා පොත් අතරට එක් විය.
ඒ සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දී ය.
කුමාර් සංගක්කාර ලකුණු දහසේ සීමාව පසු කළ 05 වැනි වසර ද මෙය වේ.
ඔහු මීට පෙර 2004, 2006, 2009 සහ 2011 යන වසරවල ටෙස්ට් ලකුණු දහස පසු කිරීමට සමත් ව තිබේ. මීට පෙර බ‍්‍රයන් ලාරා, රිකී පොන්ටින්, ජක් කලිස් සහ මැතිව් හේඩ්න් පස් වසරක් ලකුණු දහසේ සීමාව පසු කිරීමට සමත් වූහ.
 වැඩි ම වාර ගණනක් වසරේ ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළ කී‍්‍රඩකයා ලෙස වාර්තා පොතට එක් ව ඇත්තේ සචින් ටෙන්ඩුල්කාර් ය. ඔහු වසර 6 ක දී ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කිරීමට සමත් ව තිබේ.


Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්