ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමේ සූදානමක් ඇතැයි පළවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් ඇතැයි තමන් නොසිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසුරිය පවසයි.
පසුගියදා පැවති ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා එක් දින තරඟාවලිය අතරතුර තමන්ට මානසික ආතතියක් ඇති බව පවසා ක්‍රීඩක තිසර පෙරේරා කණ්ඩායමෙන් ඉවත් විය.

අසනීප තත්වය

ක්‍රීඩක තිසර පෙරේරාගේ අසනීප තත්වය සුව වූ වහාම ඔහු කණ්ඩායමට එක්කර ගන්නා බව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසුරිය පැවසුවේය.
මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල පැවැත්වෙන කැරිබියන් විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වීමට අවසර නොදීම හා පසුගිය කාලයේ එක් දින කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ලබා නොදීම ගැන උරණවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තිසර පෙරේරා සුදානම් වන බවට පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව සංදේශයට අදහස් දක්වමිනුයි සනත් ජයසුරිය මෙම අදහස් පළ කළේ.
"තිසර කියන්නේ විස්සයි විස්ස හා එක් දින තරඟවලට අපිට ඉන්න හොඳ ක්‍රීඩකයෙක්, ඉදිරියට එන ලෝක කුසලානයට අපි මේ ක්‍රීඩකයත් එක්ක යන්න ඕනේ, ඔහු මේ අවස්ථාවේ පොඩි මානසික ආතතියක ඉන්නවා කියල වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා", ඔහු ප්‍රකාශ කළේය.
"ඒ වාර්තාව අනුව සති දෙකක් විතර එයා විවේකිව ඉන්න ඕනේ, ඒ සති දෙකට පස්සේ සුපුරුදු විදිහට වෛද්‍ය වාර්තාවත් බලල එයාට කතා කරලා පුහුණුවීම්වලට ගෙනල්ලා ලංකාවේ ක්‍රීඩාවට යොමු කරනවා," ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසුරිය පැවසුවේය.

පාකිස්ථාන සංචාරය

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමක් පිළිබඳව ඔහු තේරීම් කමිටුවට හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු දැනුම්දීමක් කර නැති බවයි සනත් ජයසුරිය පවසන්නේ.
"ඉතා අවාසනාවන්ත දේවල් එක එක මාධ්‍යවල යනවා, මට පෞද්ගලිකව හම්බවෙන්න බැරි උනා. නමුත් දුරකථනයෙන් කථා කළා, හොද අනාගතයක් තියෙන ලංකාවට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්, " යනුවෙන් පැවසූ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ඉදිරි පාකිස්ථාන සංචාරයේදී තිසර පෙරේරාට ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බවත් සඳහන් කළේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්