ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ජූනි 12 දා කිලෝ 85 යි - ගිය සඳුදා කිලෝ 9 යි - අඟහරුවාදාත් කිලෝ 9 යි
දවස්‌ තුනට ඇල්ලූ කුඩුවල මුළු වටිනාකම රුපියල් කෝටි 81 යි

එක්‌ සැකකරුවෙක්‌ පොලිසියට ලක්‌ෂ 50 ක්‌ දී 
බේරී යැමට ගත් උත්සාහය හරිගිහින් නෑ!

කොළඹ නගරය කේන්ද්‍රකර ගෙන මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදෙන තවත් කල්ලියක්‌ පෙරේදා (15 වැනිදා) අත්අඩංගුවට ගත් බොරැල්ල පොලිසිය රුපියල් කෝටි හතකට ආසන්න වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක්‌ද සොයාගෙන ඇත.පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින්ද හෙරොයින් කිලෝ ග්‍රෑම් 9 ක්‌ (14 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

බොරැල්ල පොලිසිය අල්ලාගත් හෙරොයින් තොගය කොළඹ තවත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පරෙයි සුදූ නොහොත් පොඩි සුදූ නමැත්තාට අයත් බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරැල්ල වනාතමුල්ල සේදවත්ත ප්‍රදේශවල පදිංචිකරුවෝය. දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවන් පස්‌දෙනා අතර කාන්තාවක්‌ද සිටින බව පොලිසිය පවසයි.

මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමෙන් පසු එය සඟවාගෙන සිටි දිනූෂ නමැති සැකකරු වැටලීම් කළ පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියදර්ශන මහතාට රුපියල් පනස්‌ලක්‍ෂයක අල්ලස්‌ මුදලක්‌ ලබාදී බේරී යැමට උත්සාහ කර ඇත.

බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ බොරැල්ල ප්‍රදේශයේ හෙරොයින් මර්දනය කිරීමේ මෙහෙයුමක්‌ ඉකුත්දා ආරම්භ කර තිබිණි.

සහකාර පොලිස්‌ අධිකාරී රොහාන් ඩයස්‌ මහතාගේ මෙහෙයවීම යටතේ සති කීපයක්‌ තිස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියදර්ශන ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ මෙම හෙරොයින් ජාවාරම්කරුවන්ගේ තොරතුරු හෙළි කරගෙන තිබිණි.

මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ ජාවාරම්කරුවන් දෙදෙනකු වන සමන් සහ චූටි නමැති අය බොරැල්ල පොලිසියට හසුවී ඇත්තේ වනාතමුල්ලේදීය. ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 9 ක්‌ද පොලිසිය සොයා ගත්තේය.

එම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට හෙරොයින් ලබාදෙන වනාතමුල්ලේ මංජු නමැත්තා පිළිබඳව තොරතුරු ලබාගත් පොලිසිය හෙරොයින් ග්‍රෑම් 35 ක්‌ද සමග ඔහුද අත්අඩංගුවට ගන්නා ලදී.

මංජුගෙන් ප්‍රශ්න කිරීමේදී දිනුෂ නමැති මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරු පිළිබඳ තොරතුරු අනාවරණය විය.

ඒ අනුව වනාතමුල්ල කාදර් නානාගේ වත්ත ප්‍රදේශයේ නිවසක්‌ වැටලූ පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියදර්ශන ඇතුළු නිලධාරීන් දිනුෂ නමැත්තා සමග හෙරොයින් ග්‍රෑම් 500 ක්‌ අත්අඩංගුවට ගනු ලැබීය.

පොඩි සුදූ නමැති මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුගේ ප්‍රධානම ගෝලයකු බව කියන දිනුෂ නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ පෙම්වතියගේ නිවසේ තවත් කුඩු තොගයක්‌ සඟවා ඇති බව හෙළිවී ඇත.

ශ්‍යාමලී නමැති කාන්තාවට අයත් සේදවත්ත ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්‍ෂා කළ පොලිසිය එහි සඟවා තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් එකහමාරක්‌ සොයා ගත්තේය.

සැකකාර කාන්තාවගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී නිවසේ සඟවා ඇති තවත් හෙරොයින් තොගයක්‌ සොයා ගැනීමට පොලිසිය සමත්විය.

ග්‍රෑම් 500 බැගින් වූ පැකට්‌ටුවල අසුරා තිබූ හෙරොයින් කිලෝ 7 ක්‌ සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

"සිලෝන් ටී" යනුවෙන් කවරයේ මුද්‍රණය කර තිබූ හෙරොයින් පැකට්‌ ඉතාම සුරක්‍ෂිත ආකාරයට අසුරා තිබූ බව පොලිසිය පවසයි.

දිනූෂ නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම හෙරොයින් තොගය වනාතමුල්ලේ පොඩි සුදූට අයත් ඒවා බවයි.

වනාතමුල්ල ඕවල් ක්‍රීඩාංගණය ආසන්නයේ පදිංචිව සිටි පොඩි සුදූ නමැත්තා මේ වන විට මහනුවර ප්‍රදේශයට පලාගොස්‌ සිටින බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

මොහු සැඟවී සිට සිය ගෝල බාලයන් යොදවා මහා පරිමාණයෙන් හෙරොයින් අලෙවිය සිදුකරන බවද පොලිසිය හෙළිකරගෙන තිබේ.

ඉන්දියාව පාකිස්‌ථානය වැනි රටවලින් තොග පිටින් හෙරොයින් ගෙන්වා අලෙවි කරන පොඩි සුදූ සුපිරි කෝටිපතියකු බවට පත්වී සිටින බවද පොලිසිය පවසයි.

ඉකුත් ජුනි මස 12 වැනිදා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 85 ක්‌ අත්අඩංගුවට ගත් අතර පොල්පිතිගම ප්‍රදේශයේදී කෝටිපති හෙරොයින් ව්‍යාපාරිකයකු මොන්ටේරෝ රථයක යමින් සිටියදී හෙරොයින්ද සමග පොලිසියට කොටු විය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්