අලුත්ගම ඇති වී ඇති සිද්ධිය හේතුවෙන් සෞදි අරාබිය වැනි රටවල් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඉවත් කිරීමට මේ වනවිට සාකච්ඡා පවත්වමින් ඇත.
ජාත්‍යන්තරයේ මැදපෙරදිග රටවල් 14 ක් ශ්‍රී ලංකාවට සහය දුන් බවත් රටේ මේ වනවිට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ එම සහාය නොමැතිවීමට යන බවත් පසුගිය දා බේරුවල දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සඳහන් කළේ ය.
ගැටුම් හටගත් සමයේ විදේශගත ව සිටි අමාත්‍යවරයා යළි සියරටට පැමිණීමෙන් අනතුරු ව පළමු වරට සිය මැතිවරණ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව පැවසී ය.
"දැන් එකසිය පනස් දෙකක් ද කොහෙ ද කඩල තියෙනව, විත්තිකාරයෝ පනස් ගානයිනේ? ඒ කියන්නේ කඩ තුනක් කඩල තියෙන්නේ එක්කෙනයි," යනුවෙන් සඳහන් කරමින් අමාත්‍යවරයා පොලීසිය දැඩි විවේචනයට ලක් කළේ ය.
ගැටුම සම්බන්ධයෙන් පොලීසිය නිසි පරිදි නීතිය ක්‍රියාවට නොනඟන බව අමාත්‍යවරයාගේ චෝදනාවයි.
අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල දී මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට එල්ල වූ ප්‍රහාරය ප්‍රදේශයෙන් පිටත සිට පැමිණි 'මැර කල්ලියක්' විසින් දියත් කරන ලද 'සංවිධානාත්මක ක්‍රියාවක්' බව හෙතෙම අවධාරණය කළේ ය.