ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

තරුණ වියේදී දකුණු ඉන්දියානු සිනමාවෙන් බොලිවුඩයට පැමිණ එහි ඉහළම තලයේ වැජඹුණු ශ්‍රීදේවිගේ සැබෑ නම වන්නේ ශ්‍රී අම්මා යන්ගර් අයියප්පන්. සිනමාවට පැමිණි පසු ඇය මුලින්ම පෙම් බැන්දේ විවාහක නළුවෙකු වන මිතූන් චක්‍රවර්තිටයි. පළමු විවාහය තිබියදීම ශ්‍රීදේවි සමග හොර රහසේ විවාහ වූ නමුත් තම බිරිය වන ප්‍රවීණ නිළි යෝගිතා බාලි අතහැර පැමිණීමට මිතූන්ට නොහැකි වුණේ හා ඔහු ශ්‍රීදේවිගෙන් වෙන්වුණේ යෝගිතා සියදිවි නසාගන්නට උත්සාහ කිරීම නිසයි. ඉන්පසු දිගටම සිනමාවට සම්බන්ධව සිටි ශ්‍රීදේවි අවසානයේ වසර පහළොවක් පමණ තමාගේ හිතවතෙකු වූ චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂක බොනී කපූර් සමග විවාහ වුණා.
ශ්‍රීදේවි හා බොනී අතර ප්‍රේමය ඇතිවුණේ ඔහු තම පළමු බිරිය වන මෝනා කපූර් සමග විවාහ වී සිටියදීමයි. ඔහුගේ බොහෝ චිත්‍රපටවල නිෂ්පාදන විධායක ලෙස කටයුතු කළේත් මෝනායි. මිතූන් මෙන් නොව බොනී තම බිරිය, දියණිය හා පුතා අතහැර ගොස් බිරියගෙන් දික්කසාද වී ශ්‍රීදේවි හා විවාහවුණේ ඒ වන විට ඇයට තමාට දාව දරුවකුද ලැබෙන්නට සිටි නිසයි. මේ විවාහයෙන් ඔවුන් දියණියන් දෙදෙනකු ලැබුවා.

කොහොම වුණත් ශ්‍රීදේවි හා බොනී අතර ඇතිවූ පෙම් සබඳතාවය හා ඉන්පසු විවාහය වැඩිදෙනකුගේ විවේචනයට හා අප්‍රසාදයට එදා ලක්වුණේ ශ්‍රීදේවි තරුණ වියේදී මුම්බාය ගැන කිසිදු දැනුමකින් තොරව දකුණු ඉන්දියාවේ සිට පැමිණි අවස්ථාවේ ඇයට මවක්, සොයුරියක් මෙන් උපකාර කළේ මෝනා කපූර් වීම නිසයි. දරුවන් දෙදෙනා හදාගෙන තනිවම ජීවත්වූ මෝනා පසුගියදා පිළිකාවක් හේතුවෙන් මියගිය අවස්ථාවේ මේ අප්‍රසාදය තවත් වැඩිවුණා. මෝනාට තමා ඉතා ආසාවෙන් බලා සිටි තම පුතු වන අර්ජුන් කපූර්ගේ පළමු චිත්‍රපටය නරඹන්නවත් ලැබුණේ නැහැ. මෝනා අකල් මරණයකට ගොදුරුකළ පිළිකාව ඇය විඳි මානසික වේදනාවල බලපෑමෙන් ඇතිවූවක් බව විශ්වාස කරන ඇගේ හිතවතුන් ශ්‍රීදේවිට පිට පිට සිදුවන කරදර මෝනාට සිදුකළවරදට දෙවියන් දෙන දඬුවම් ලෙස සලකන බව නොරහසක්.

ඉහත සඳහන් කළ ගින්න උඩුමහ‍ලේ වායු සමීකරණ යන්ත්‍රයේ විදුලි කාන්දුවකින් ඇතිවූවක් බව සොයාගෙන ඇති අතර නිවසේ සිටි පිරිස ජීවිත බේරාගෙන තිබුණේ අනූනමයෙන්. ගින්න ඇතිවන විට බොනී නිවසේ සිට නැති අතර ඔහු පැමිණෙන විට නිවසේ සිටි සුරතල් සුනඛයින් දෙදෙනාද ඇතුළුව සියලුම දෙනා පිටතට පැමිණ තිබුණා. කොහොම වුණත් ඉන්දියානු රුපියල් කෝටි විසිපහක් වටිනා ඇඳුම් හා ආභරණ ශ්‍රීදේවිට අහිමිවුණේ ඇගේ ඇඳුම් අල්මාරිය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවීයාම නිසයි. ඊට අමතරව ඇය සතු වටිනා චිත්‍ර රැසක්ද ගින්නට හසුවූ අතර මේ කිසිවක් රක්ෂණය කර තිබි නැහැ.

ඊට ටික කලකට පෙර ඇමෙරිකාවේ නිවාඩුවක් ගතකරන්නට ගිය අවස්ථාවේදී ශ්‍රීදේවි ඇද වැටී තුවාල ලැබූ අතර ඒ නිසා සිතුවාට වැඩි කාලයක් විවේක ගනිමින් ඇමෙරිකාවේම රැඳී සිටින්නට ඇයට සිදුවුණා. ඉහත ගින්නෙන් ටික දිනකට පසු බොනී කපූර් මාරක අනතුරකින් දිවි බේරාගෙන තිබුණේ අනූනවයෙන්. ඔහු ගමන් කළ වාහනය ගසක හැපී සුන්බුන්ව ගිය අතර වාසනාවකට මෙන් බොනීගේ ජීවිතය බේරී තිබුණා.


Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්