ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

එංගන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැති පස්වැනි එක්දින තරගයේදී සචිත්‍ර සේනානායක විසින් එංගලන්ත නැගී එන ක්‍රීඩක ජොස් බට්ලර් දවා ගැනීමට කුප්‍රකට 'මැන්කඩින්' (Mankading) ක්‍රමය භාවිතා කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් පිටියේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
පන්දු යවන්නා පන්දුව යැවීමට පෙර පන්දු යවන අන්තයේ සිටින පිතිකරුවා සීමා ඉර පැන දුවද්දී පන්දුව නොයවා කඩුල්ල කඩා දමමින් පන්දු යවන අන්තයේ සිටින පිතිකරුවා දුවද්දී දැවී යාමට ලක් කිරීම ''මැන්කඩින් දවා ගැනීම'' ලෙස සැලැකේ.
එංගලන්ත නායක ඇලිස්ටයාර් කුක් මේ දවා ගැනීම දැඩි ලෙස විවේචනයට ලක් කළ බව එංගලන්ත මාධ්‍ය වාර්තා වල දැක්වේ.
මෙම දවා ගැනීමේ නීතිය පළමු වරට භාවිතා කරනු ලැබුවේ 1947/48 කාලයේදී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරඟයකදී 'විනූ මන්කඩ්' නම් පිතිකරුවා කිහිප වරක්ම ඉහත ආකාරයෙන් සීමා ඉරෙන් පැන සිටීම නිසා දුවද්දී ඔහුව දවා ගැනීමෙනි.
ඒ ආකාරයට දැවීමට ලක්වූ පළමු පිතිකරුවා වූයේ 'මන්කඩ්' බැවින් ඔහුගේ නමින් 'මැන්කඩින් දවා ගැනීම' ලෙස මෙය ඉන්පසුව හැඳින්විය.
කෙසේවුවද මේ දවා ගැනීම සිදු කරනු ලැබුවේ මේවන විට පන්දුව දමා ගසන බවට චෝදනා එලල්වී සිටින සචිත්‍ර විසින් වීමද, ඇන්ජලෝ මැතිව්ස් බට්ලර්ට යලි ක්‍රීඩා කිරීමට ආරාධනා නොකිරීම නිසාත් සිද්ධිය ආන්දෝලනයක් බවට පත්ව ඇතැයිද වාර්තා වේ.
සචිත්‍රගේ පෙර පන්දු වාරයේදී ඔහු දෙවතාවක්ම ජොස් බට්ලර් පන්දු යවන අවස්ථාවේ සීමා ඉරෙන් එහාට ගොස් සිටීම ගැන ඔහුට අවවාද කර සිටියේ ය.
තෙවන අවස්ථාවේදී පැන්න විට කඩුල්ල කඩා විනිසුරුගෙන් ඉල්ලීමක් කළ විට විනිසුරු ඔහුව දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙළේය.
සිද්ධිය වෙද්දී එංගලන්තය 199 ක් ලබා ගෙන සිටි අතර 49 වන වාරයේදී සියළු දෙනාම දැවී යන විට ලබාගෙන තිබුනේ ලකුණු 219 ක් පමණි.
මේක නීතියක් - එංගලන්ත හිටපු නායක ඇලෙක් ස්ටුවර්ට්
එංගලන්ත හිටපු ක්‍රිකට් නායකයෙකු වූ ඇලෙක් ස්ටුවර්ට් සිද්ධිය ගැන පසුව මෙසේ කීය. ''මේක ක්‍රිකට් නීතියක්. ශ්‍රී ලංකාවට විනිසුරුගෙන් ඉල්ලීමක් කරන්නට අයිතිය තියෙනවා. පන්දු යවන්නා දෙවතාවක්ම අවවාද කිරීමෙන් පසුවයි දැවීම ගැන ඉල්ලීම කෙළේ. මැතිව්ස්ට යලි ඔහුට ආරාධනා කරන්න ඉඩ තිබුනා. නමුත් ඔහු එසේ කෙළේ නෑ. කෙසේ වුවත් මෙවැනි දේ දකින්නට අපි කැමති නෑ. නමුත් භාවිතාවයට ගන්න බැරිනම් මෙවැනි නීතියක් තිබිලාත් වැඩක් නෑ. කෙසේ වෙතත් මේ නීතිය සංශෝධනය විය යුතු යැයි මා සිතනවා''
කෙසේ වෙතත් 1947 දී මෙවැනි දවා ගැනීමක් පළමු වරට සිදුවීමෙන් පසුව අද දක්වාම ටෙස්ට් තරඟ වලදී මැන්කඩින් දවා ගැනීම් වාර්තා වන්නේ අවස්ථා 4 ක් පමණි.
අවසන් වරට දවාගෙන ඇත්තේ 1978 දී තරම් ඈතකදී ය.
එක්දින තරඟ වලදී ද මැන්කඩින් දවා ගැනීම් වාර්තා වන්නේ මේ සිදුවීමත් සමග 4 කි.
ඉන් පෙනී යන්නේ මෙලෙස දවා ගැනීම සාමාන්‍යයෙන් සිදු නොකරන ක්‍රීඩාකාමී දවා ගැනීමක් ලෙස සහ මහත්තුරුන්ගේ ක්‍රීඩාවේ මහත්තැන් කම ප්‍රදර්ශනය කරන පිලිවෙතක් නොවන බවයි.
වසර 2012 දී පැවැති කොමන්වෙල්ත් තරඟාවලියේදී ඉන්දීය පිලේ රවිචන්ද්‍ර අෂ්වින් ලංකාවේ ලහිරු තිරිමාන්නව මෙවැනිම 'මැන්කඩින්' දවා ගැනීමකින් දවා ගත් අවස්ථාවයි.
එහිදී දෝනි වෙනුවට නායකයා ලෙස ක්‍රීඩා කළ විරේන්ද්‍ර ෂෙවාග් සචින් සමග ද සාකච්ඡා කර ලහිරු තිරිමාන්නට යලි ක්‍රීඩා කරන ලෙස ආරාධනා කෙළේය.
ඊටත් වඩා ලෝකයා අදටත් කතා කරන තවත් අවස්ථාවක් තිබේ.
එනම් 1987 ලෝක කුසලාන තරඟාවලියේ දී කොදෙව් පිලේ කර්ට්නි වොල්ෂ් මහත්මයාගේ හැසිරීමයි. තරඟය පැවැත්වුනේ පාකිස්ථානය සමගය. ජය ගැනීමට කොදෙව් පිලට තිබුනේ එක් විකට්ටුවක් ලබා ගැනීම පමණි.
එහිදී මෙවැනිම අවස්ථාවක් ලැබුනද එය නොගෙන කර්ට්නි වොල්ෂ් පාකිස්ථානයේ අවසන් පිතිකරු වූ සලීම් ජෆාර් ට අවවාද කළා මිස දවා ගන්නට නොගියේය.
දවා ගත්තා නම් ජය ගන්නේ කොදෙව් පිලය. මන්ද එය අවසාන කඩුල්ල වීම නිසාය.
නමුත් අවසානයේ ජය ගත්තේ පාකිස්ථාන පිලය.
මෙම මහත්මා ක්‍රියාව අද කතා බහට ලක්වන්නේ එම ලෝක කුසලානයේ දී කර්ට්නි වොල්ෂ් එසේ නොකලානම් පාකිස්ථානයට ලෝක කුසලානයක් හිමිකර ගන්නටද නොහැකි වන නිසා ය. 
එදා කර්ට්නි වොල්ෂ් ලා ට එම අවසන් පූර්ව තරඟයෙන් නතර වන්නට සිදුවිය.
ලෝකයේ සමහර ක්‍රීඩකයෝ තම ක්‍රීඩා කෞෂල්‍යයත් මහත්මාකමත් පෙන්වති.
තවත් සමහරු තම ක්‍රීඩා කෞෂල්‍යයත් හීනමානයත් පෙන්වති. එවැන්නෝ ක්‍රීඩාවේදී ප්‍රතිවාදියාගේ කණ කඩාගෙන කති:
සමහරුන් ක්‍රීඩාවෙන් සමුගත්ත් පසු මැරයන් සමග පැමිණ බුද්ධිමතුන්ගේ ඔළු පලා යයි.
(සඳරුවන් සේනාධීර )
ජායාරූප - ඩේලි මේල්......................................




Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්