ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

විශේෂ හැකියාවන් සහිත තරුණ තරුණියන් උදෙසා රැකියා ලබාදීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර ඇතැයි ලොවපුරා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් වන (Twitter) ඔස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (08) පවසන ලදී. 

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක තරුණ සමුළුවට සමගාමීව (Twitter) ගිණුම් ඔස්සේ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න ඇසීම සඳහා අද පෙරවරු 11.30ට අවස්ථාව ලබාදී ඇති අතර එහිදී ඉදිරිපත් වූ පැනයකට ජනාධිපතිවරයා එම පිළිතුර ලබාදුන්නේය. 

රැකියා ලබාදීමේදී සියයට 3ක ප්‍රතිශතයක් විශේෂ හැකියාවන් සහිත තරුණ තරුණියන් උදෙසා ලබාදීමට රජය තීරණයක් ගෙන ඇති බවද ඔහු පැවසුවේය. 

එසේම එවැනි තරුණියන්ට රාජ්‍ය ආයතනවල සේවා කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව පැවසූ ජනාධිපතිවරයා අලුතින් ඉදිකෙරෙන සෑම ගොඩනැගිල්ලක මෙම පහසුකම් ඇතුළත් කිරීමට ද පියවර ගෙන ඇතැයි කීවේය. 

දැනට පවත්නා ගොඩනැගිලි වන එවැනි තරුණ තරුණියන්ට සේවය කිරීමේදී මුහුණපෑමට සිදුව ඇති ගැටලු මත මෙම පියවර ගෙන ඇති බව හෙතෙම පෙන්වාදුන්නේය. 


තවද විශේෂ හැකියාවන් සහිත තරුණ තරුණියන් උදෙසා රුපියල් දෙලක්ෂ පනස්දහසක නිවාස ණයක් ලබාදීමට ද පියවරගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

අන්තර්ජාලයේ ඇති සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීමට පියවර නොගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය. 

Facebook සහ Twiiter වැනි ලොවපුරා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවි ශ්‍රී ලංකාව තුළ අවහිර කිරීමට පියවර නොගන්නා බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය. 

එවැනි පියවරක් අනුගමනය කළහොත් තම නිවසේ පුතාලා අතර විප්ලවයක් ඇතිවේ යැයි ද හෙතෙම පෙන්වාදුන්නේය. 

තම Facebook පිටුවේ කැමැත්ත ප්‍රකාශ කළ තුන්ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් සිටින බවත් Twiiter ඔස්සේ එම සංඛ්‍යාව 25,000ට අධික බවද ජනාධිපතිවරයා Twiiter ඔස්සේ යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් පැවසීය. 

මේ අතර සිදුවීම් කිහිපයක් හැරුණු විට ශ්‍රී ලංකාව තුළ ආගමික ගැටුම් නැති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්