ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කුඩා කල සිටම තම මිතුරෙකු මෙන්ම විවාහයේ දෙවැනි මනාලයා වූ නයින් එන්ටර්ටේන්මන්ට් (චැනල් නයින්) ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ගින්ජල් සමග ප්‍රකෝටිපති කැසිනෝ රජු ජේම්ස් පැකර් මහ පාරේ ඇති පදමට ගුටිබැට හුවමාරු කරගෙන ඇති බවත්, ඉන් අනතුරුව ඔවුන්ගේ ආරක්ෂකයන් පාරේ වැටී ඇති දත් සෙවීම නිසා මොවුන් දෙදෙනොගෙන් කෙනෙකුට දත් කැඩෙන පහරවල් වැදී ඇති බවත් විදෙස් මාධ්‍ය ඊයේ (5දා) වාර්තා කළේය.

ජේම්ස් පැකර් තම නවතම ක්‍රවුන් ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුට ලැබුණු දුරකථන ඇමතුමක් මෙම ගැටුම දුරදිග යාමට හේතුවී ඇති අතර, ඔහු රටින් බැහැරව සිටි ඒ අවස්ථාවේදී ඔහුගේ නිවස ඉදිරිපිට චැනල් නයින් වාහනයක් නතර කර ඇති බව ඉන් කියැවී තිබේ. පැකර් සිය බිරිඳගෙන් වෙන්වී මිරෙන්ඩා කර් නමැති නිරූපිකාවක් සමග සබඳකම් පවත්වන නිසා අදාළ වාහනය ඡායාරූප ගැනීම සඳහා මේ ආකාරයෙන් එහි නතර කර ඇති බවට වූ සැකය මෙම ගැටුමට මුලපිරී තිබේ.

පැකර්, ගින්ජල් අමතා ඔහුට බැණ වදිමින් මේ ගැන සැල කළත්, ඒ ගැන තමන් නොදන්නා බව ගින්ජල් පවසා ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් නයින් එන්ටර්ටේන්මන්ට් ආයතනයේ රියදුරෙකු වෙනත් රාජකාරියකට යන අතුරතුර, පැකර්ගේ නිවස අසල වූ නිවසකට යෑම මේ පටලැවිල්ලට හේතුව බව පසුව අනාවරණය වී තිබේ.

සිද්ධිය ඇසින් දුටුවන්ගේ වාර්තාවන්ට අනුව, එය ඔස්ට්‍රේලියාවේ සිඩ්න් නුවර, මොන්ඩි වෙරළ ආසන්නයේ වූ පැකර්ගේ අධි සුඛෝපභෝගී නිවස ඉදිරිපිට අතිශය උණුසුම් වූ මහ පාරේ ද්වන්ධ සටනකි. ඔවුනට අනුව මෙම සටන පිස්සු බල්ලන් දෙදෙනෙකුගේ සටනක් බඳු විය.

කෙසේ වෙතත් මෙම ගැටුමෙන් පසු ඊයේ (5දා) උදෑසන පැකර් හා ගින්ජල්, පැකර්ගේ නිවසේ දී හමුවී, ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ඔවුන් දෙන්නා වසර 35ක කාලයක්දැන හැඳුනුම්කමක් ඇති ඉතා කුළුපග මිත්‍රයන් බවය. එමෙන්ම මෙම සිදුවීම ගැන තවත් කිසිවක් නොකියන බවත්, මෙවැනි දෙයකින් තමන්ගේ මිත්‍රත්වය නොනවතින බවත් ඔවුන් එහිදී පවසා ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසයි.

වාර්තාවන්ට අනුව, මොවුන් දෙදෙනා කුඩා කල සිටම මිතුරන් බව පැවසෙයි. ඔවුන් දෙදෙනාම එකම පාසලේ අධ්‍යාපනය ලැබූවන්ය. ඔවුන්ගේ පියවරුන්ද මිතුරන්ය. කෙසේ වෙතත් පැකර් සිය දෙවැනි බිරිඳ වූ එරිකාගෙන් මීට මාස හයකට පමණ පෙර වෙන්වූ පසු ඔවුන්ගේ මිතුදම ඇඹුල් වී ඇත. ඒ එරිකාගෙන් දික්කසාද නොවන ලෙස ගින්ජල් කිහිප වරක්ම පැකර්ට පවසා තිබුණත්, ඔහු එය ගණනකට නොගත් නිසාය.

සිදුවීමෙන් පැය කිහිපයක් යනතුරු ඡායාරූප කිසිදු දිය සලකුණකින් තොරව ලබාගත හැකි වුවත්, පසුව අන්තර්ජාලයට මුසුකළ සියලු ඡායාරූප නිවුස් කෝපරේෂන් දිය සලකුණු සමග ප්‍රසිද්ධ කර තිබුණු අතර, ඊට පෙර අන්තර්ජාලයට මුසුකළ ඡායාරූපද ඉවත් කර තිබුණි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්