ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ශ්‍රී ලංකාවට මෙම සංචාරයේදී එංගලන්තයෙන් තියුණු අභියෝගයක්‌ එල්ලවනු ඇතැයි විචාරකයන් දැනටමත් අනාවැකි පළකර තිබෙනවා. විශේෂයෙන් එංගලන්ත තණ තීරු මෙන්ම එංගලන්තයේ දේශගුණික තත්ත්වයන්ද ශ්‍රී ලංකාවට කොහෙත්aම හිතකර නොවනු ඇතැයි විචාරක මතය වී තිබෙනවා. ඒ වගේම එංගලන්ත ප්‍රේක්‌ෂකයන්ගෙන්ද ශ්‍රී ලංකාවට යහපත් ප්‍ර්‍රතිචාර යොමු වන එකක්‌ නැහැ. එම අයහපත් තත්ත්aවයන් කවර රටකදී වුවත් සංචාරක කණ්‌ඩායමකට එල්ල වන සාමාන්‍ය අභියෝගයක්‌ වෙනවා.

ලෝකයට ක්‍රිකට්‌ ඉගැන්වූ රටට ලෝක ශූරයෝ ගියාම අලුත්ම අලුත් ලෝක ශූරයන්ගේ පළමු ප්‍රධාන විදේශ සංචාරයද එම සංචාරය වෙනවා. එංගලන්තයට යන අතර වාරයේ අයර්ලන්තය සමග තරග දෙකකටත් ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගි වුණා. ඒත් ඒ තරග දෙකට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ උපරිම ජවය යෙදෙව්වේ නැහැ. ඒ කියන්නේ ලෝක ශූර කණ්‌ඩායමේ ක්‍රීඩකයන් හය දෙනෙක්‌ නොමැතිවයි අයර්ලන්තයත් එක්‌ක ශ්‍රී ලංකාව තරග කළේ. ලෝක ශූරයන් ලෙස විස්‌සයි විස්‌ස තරග වලට සමුදුන් සංගක්‌කාර, මහේල මෙන්ම ඩිල්ෂාන්, මාලිංග, තිසර සහ රංගන හේරත් යන ක්‍රීඩකයන් අයර්ලන්තය සමග සටනට පිවිසුණේ නැහැ. ඒ අතරතුරද එම ක්‍රීඩකයන් ක්‍රිකට්‌ වලින් ඈත්ව සිටියේ නැහැ. ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර එංගලන්තය සමග සටනට පෙරහුරුවක්‌ ලෙස එරට ඩර්හැම් ප්‍රාන්තය වෙනුවෙන් තරග කිරීමට තීරණය කළා. මාලිංග මුම්බායි ඉන්දියන්ස්‌ කණ්‌ඩායම වෙනුවෙන් අයිපීඑල් සටනේ නිරත වුණා. එහිදී තිසර, කිංග්ස්‌ ඉලෙවන් පන්ජාබ් කණ්‌ඩායම සමග එකතුවී තම අත්දැකීම් වැඩි දියුණු කර ගත්තා.

ලෝකයාට ක්‍රිකට්‌ දායාද කළ එංගලන්තය සමග මෙවර තරග සංචාරයේදී ශ්‍රී ලංකාවට පන්දුවාර 20-20 තරග දෙකක්‌ එක්‌ දින තරග පහක්‌ සහ ටෙස්‌ට්‌ තරග දෙකක්‌ නියමිතව තිබෙනවා. පළමුව පන්දුවාර 20 කින් ඇරඹී, දෙවනුව පන්දුවාර 50 දක්‌වාද, අවසානයේ දවස්‌ පහකින් යුත් ටෙස්‌ට්‌ තරග දක්‌වාද එම සංචාරය ක්‍රමයෙන් ප්‍රබල වෙනවා.

ශ්‍රී ලංකාවට මෙම සංචාරයේදී එංගලන්තයෙන් තියුණු අභියෝගයක්‌ එල්ලවනු ඇතැයි විචාරකයන් දැනටමත් අනාවැකි පළකර තිබෙනවා. විශේෂයෙන් එංගලන්ත තණ තීරු මෙන්ම එංගලන්තයේ දේශගුණික තත්ත්වයන්ද ශ්‍රී ලංකාවට කොහෙත්aම හිතකර නොවනු ඇතැයි විචාරක මතය වී තිබෙනවා. ඒ වගේම එංගලන්ත ප්‍රේක්‌ෂකයන්ගෙන්ද ශ්‍රී ලංකාවට යහපත් ප්‍ර්‍රතිචාර යොමු වන එකක්‌ නැහැ. එම අයහපත් තත්ත්aවයන් කවර රටකදී වුවත් සංචාරක කණ්‌ඩායමකට එල්ල වන සාමාන්‍ය අභියෝගයක්‌ වෙනවා. විශේෂයෙන් ඉන්දීය උප මහාද්වීපයෙන් එපිට තරග කරද්දී ඒ ඒ රටවල තණ තීරු ශ්‍රී ලංකාවට අවාසිදායක ලෙස හැසිරුණු අවස්‌ථා ඉතිහාසයේ සාක්‍ෂි ලෙස ර¹ පවතිනවා. එම තත්ත්වය එංගලන්තයේදී ශ්‍රී ලංකාවට තදින් එරෙහි වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම පොදු තත්ත්වයන්ට වඩා ශ්‍රී ලංකාවට එංගලන්තයේදී අවාසිදායක වන තවත් විශේෂ කාරණාවක්‌ තිබෙනවා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සහ හිටපු නායක සනත් ජයසූරිය මාධ්‍ය හමුවකදී පවා පවසා සිටියා. ඒ තමයි පෝල් ෆාබ්‍රේස්‌ගේ ඉවත්ව යැම. මාස කිහිපයක්‌ පුරා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ෆාබ්‍රේස්‌ මහතා ශ්‍රී ලංකාවට දෙවැනි ලෝක ක්‍රිකට්‌ කිරුළ හිමිකර දීමේදී කණ්‌ඩායමේ පුහුණුකරුවා ලෙස ගෞරවයට පාත්‍ර වුණා. ඩෙව් වට්‌මෝර් ට පසුව පුහුණුකරුවන් රාශියක්‌ යටතේ ශ්‍රී ලංකාව පුහුණුව ලැබූවත් ශ්‍රී ලංකාවට ලෝක ක්‍රිකට්‌ කිරුළත් හිමිකර දුන් අනෙක්‌ එකම පුහුණුකරුවා ලෙස ෆාබ්‍රේස්‌ ඉතිහාසයට එකතු වෙනවා.

ඒත් ඒ ෆාබ්‍රේස්‌ පැදුරටත් නොකියා ගියා. ඒ ගියේද ඕස්‌ටේ්‍රලියාවටවත් නවසීලන්තයටත් නොවේ එංගලන්තයට. තමන්ගේ මවු රටට එංගලන්තයේ කණ්‌ඩායමේ පුහුණුකරුවා ලෙසින් ඔහු එංගලන්තයට ගියා. ශ්‍රී ලංකාව එංගලන්තය සමග තරග කරන්න මාසයකටත් අඩු කාලයක්‌ තිබියදී ෆාබ්‍රේස්‌ අපේ ක්‍රීඩකයන්ගේ දස්‌කම්, දුර්වලතා ඇතැඹුලක්‌ සේ දැනගෙන එංගලන්තයට ගියා නොවේ. එංගලන්තය ඔහුව කැඳෙව්වා.

ලෝක ශූර ශ්‍රී ලංකාවට එරෙහි ප්‍ර්‍රධාන තුරුම්පුව ලෙස එංගලන්තය මෙවර සංචාරයේදී ෆාබ්‍රේස්‌ යළිත් ගම රටට ගෙන්වා ගත්තා. දැන් ශ්‍රී ලංකාවේ ප්‍ර්‍රධාන අභියෝගය ෆාබ්‍රේස්‌ වෙනවා.

එංගලන්තයේදී තවත් ටෙස්‌ට්‌ ජයග්‍රහණයක්‌ සොයා යන ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රබලම පිතිකරුවන් වන සංගා සහ මහේල ෆාබ්‍රේස්‌ගේ උපායකට තරගය අතරතුරේදී ගොදුරු වුව හොත් එම ටෙස්‌ට්‌ ජයග්‍රහණයේ ඉලක්‌කය සිහිනයක්‌ වන්නත් ඉඩ තිබෙනවා. මේ අභියෝගය හමුවේ ශ්‍රී ලංකාව වඩාත් ප්‍රවේශමෙන් තරගාවලියට ප්‍රවිශ්ට විය යුතු වෙනවා. ෆාබ්‍රේස්‌ගේ උපායන්ට නොරැවටෙන්න තරම් ශ්‍රී ලංකා කණ්‌ඩායම ශක්‌තිමත් වියයුතු වෙනවා. එම ශක්‌තිය මහේලට, සංගාට පමණක්‌ නොව මැතිව්ස්‌ සහ තිරිමාන්න වැනි අයටත් තිබිය යුතු වෙනවා.

ඊට මනා පිටිවහලක්‌ ලෙස එංගලන්තයේදී තවත් විශේෂඥ පුහුණුකරුවකුගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු කළා. එංගලන්තයේ සරේ කණ්‌ඩායමේ පුහුණුකරුවකු ලෙස කටයුතු ඇති ඔහු ක්‍රිස්‌ ඇඩම්ස්‌ නම් වෙනවා. ෆාබ්‍රේස්‌ගේ සමුගැනීමෙන් තාවකාලිකව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් මාවන් අතපත්තු ද පන්දු යෑවීමේ පුහුණුකරු චමින්ද වාස්‌ද, පන්දු රැකීමේ පුහුණුකරු රුවන් කල්පගේ ගේ සහායද මේ සංචාරයේදී නොඅඩුව ලැබිය යුතු වෙනවා.

එසේ වුවහොත් ෆාබ්‍රේස්‌ගේ මෙන්ම එංගලන්තයේ උපාය මාර්ග වතුරේ යනු ඇති. ඇවැසි වන්නේ සෑම දෙනාම එකා මෙන් එකතුවී ලෝක ශූර හයිය තේජස එංගලන්තයේදී ලෝකයට පෙන්වීම පමණයි. එවිට එහි අවසන් ප්‍රතිඵලය ජයග්‍රහණය වනු ඇති.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්