ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පන්සල් තිබියදී ස්වාමීන් වහන්සේලා  හෝටල්වල මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ කුමකට දැයි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ අධිකරණයේ දී ප්‍රශ්න කළේය.

ජාතික බලසේනා සංවිධානය කොළඹ හෝටලයක දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට බොදුබල සේනා සංවිධානය විසින් බාධා කරනු ලැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව විභාගයට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා මෙසේ ප්‍රශ්න කළේය.

මෙම සිද්ධියට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තවත් හිමිවරුන් 7 නමක් සහ පුද්ගලයින් දෙදෙනකු රුපියල් ලක්ෂයක පුද්ගලික බැඳුම්කරයක් මත මුදාහරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (05) නියම කළේය.

මින් ඉදිරියට මෙවැනි ආගමික ගැටලුවලට ප්‍රවේශ නොවීමට සහ ආගමික සංහිඳයාව නැතිවන ආකාරයට කටයුතු නොකිරීමට දෙපාර්ශ්වයටම අවවාද කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. එවැනි ආකාරයට නැවත කොටුව අධිකරණ බල ප්‍රදේශයේ කටයුතු කළහොත් උපරිම දඬුවම් ලබාදෙන බවට ද මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

මෙලෙස පුද්ගලික බැඳුම්කර මත මුදාහරිනු ලැබුවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි, වැලිමඩ චන්ද්‍රරත්න හිමි, වැල්ලම්පිටිය සුමනධම්ම හිමි, ආරියවංශ සම්බුද්ධ හිමි, චන්ද්‍රානන්ද හිමි සහ පී. වෑවල, පතිරණගේ ගුණවර්ධන නමැත්තන්ය.

මෙහි දී අධිකරණයේ පෙනී නොසිටි තෙවැනි හා සිව්වැනි හිමිවරුන්ට ලබන මස 09 වැනි දා අධිකරණයේ පෙනී සිටීමට අධිකරණයෙන් නොතිසි නිකුත් විය.

මෙහි දී අධිකරණයේ පෙනී සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණයට ප්‍රකාශ කළේ බොදුබල සේනා සංවිධානය අවුරුදු ගණනක් පුරා ක්‍රියාකාරීව කටයුතු කරන සංවිධානයක් බවත් බුදු දහම සම්බන්ධයෙන් යම්කිසි වරදක් වෙනවා නම් මෙම සංවිධානය එම ස්ථානයට ගොස් ජුවම මැදිහත් වී ක්‍රියා කරන බවත්ය.

ජාතික බල සේනා සංවිධානය නමින් වටරැක විජිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානයක් පිහිටුවා ඇති බවත් මෙම සංවිධාන දෙක මගින් සිදුකරන ලද සියලුම ක්‍රියාකාරකම් ජාත්‍යන්තරයට මාධ්‍ය මගින්  යැවෙන බවත් අනුර සේනානායක මහතා වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය. එමෙන්ම මුස්ලිම් ජාතිකයින් පිරිසක් විසින් බුදු හාමුදුරුවන් මිනීමස් අනුභව කොට ඇති බවට ප්‍රකාශයක් කොට ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉකුත් දා වටරැක විජිත හිමියන් ඇතුළු එම සංවිධානයේ පිරිසක්  කොම්පඤ්ඤවීදිය නි‍පොන් හෝටලයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතරතුර දී එම ස්ථානයට මෙම බොදුබල සේනාවේ හිමිවරු වැඩමකොට සාපරාධී බලහත්කාරය පාමින් බාධාකොට ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇති බවට අධිකරණයට කරුණු හෙළිවිය.

එමෙන්ම එම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ‍පොලිසියට වැඩම කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි කුරාණයට අපහාස කොට ඇති බවට මුස්ලිම් ජාතිකයින් පැමිණිලි කොට ඇති බව ද ‍පොලිසිය පැවසීය.

ඒ අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා පවසා සිටියේ හාමුදුරුවෝ පන්සල් තිබිය දී හෝටලයක මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ කුමකටද? යන්නයි.
පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශකොට සිටියේ මේ වනවිට පැමිණිල්‍ලේ සාක්ෂිකරුවන්ට මරණ තර්ජන එල් වී ඇති බවත් ඒ හේතුවෙන් වටරැක විජිත හිමි මෙම අධිකරණයේ පෙනී නොසිටින බවත්ය. වගඋත්තරකාර  හිමිවරුන්ට ඇප ලබාදෙන්නේ නම් දැඩි ඇප කොන්දේසි මත ඇප ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කළේ මෙම හිමිවරු එම ස්ථානයට වැඩම කරනු ලැබුවේ සැලසුම් සහගතව නොවන බවත් වටරැක විජිත හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවීමට මහියංගණ සාමග්‍රී සංඝ සභාව තීරණය කොට ඇති බවත්ය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් අදාළ නිකායේ මහානායක හිමිවරුන් ද දැනුවත් කොට ඇති බව ද විත්තියේ නීතිඥවරු අධිකරණයට ප්‍රකාශ කළහ.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා “ස්වාමීන් වහන්සේලා ආදර්ශවත් ලෙසට හැසිරිය යුතුයි. නැතිනම් ලංකාවේ ස්වාමීන් වහන්සේලා කලහකාරී කියලා වැරදි චිත්‍රයක් මැවෙනවා.  කුමක් හෝ අවැඩක් සිදුවන්නේ නම් නීත්‍යනුකූලව කටයුතු කළ යුතුයි. ආවේගශීලීව කටයුතු නොකළ යුතුයි.” යැයි දෙපාර්ශ්වයටම තරයේ අවවාද කළේය. 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්