ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කුරුණෑගල දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුගේ සහ ඔවුන් ගමන් ගත් බවට සැක කෙරෙන වෑන් රථයේ ඡායාරූප පොලීසිය අද මාධ්‍ය වෙත නිකුත් කළා. පොලිස් දෙපාර්තමේන්තුවේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ මෙම සිද්ධිය සහ එදිනම නාරම්මල සහ වේවැල්දෙනිය ප‍්‍රදේශවල සිදුවූ ඉන්ධන පිරවුම්හල් කොල්ලකෑමේ සිද්ධීන් එකම කණ්ඩායමක් විසින් සිදුකළ බවට සැක කරන බවයි. ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන පොලීසිය සිද්ධියෙන් දිවි බේරා ගත් පොලිස් කොස්තාපල්වරයා ලබාදුන් තොරතුරු මත සිතුවමට නැගූ එක් සැකකරුවෙකුගේ ඡායාරූපයක් අද මාධ්‍ය වෙත නිකුත් කළා. ඔවුන් ගමන් ගත් බවට සැක කෙරෙන වෑන් රථයේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කෙරුණේ වේවැල්දෙණිය ඉන්ධන පිරවුම්හලේ සවි කර තිබූ සී.සි ටී.වී. කැමරාවල සටහන්ව තිබූ දර්ශන උපයෝගී කර ගනිමින්.     
                                      
කුරුණෑගල - ගැට්ටුවාන මංසන්ධියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි කුරුණෑගල පොලීසියේ රථ වාහන අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනා මෙලෙස පැහැර ගැනීමට ලක්වූ අතර ඉන් එක් අයෙකු වෙඩි තබා ඝාතනය කර අදට දින 5ක් ගත වනවා.

මේ අතර, සිද්ධිය වූ දිනට පෙර දිනයේ දී ගොකරැල්ල ප‍්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානයකට පැමිණි පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ද පොලීසිය අද (11) මාධ්‍ය වෙත නිකුත් කළ අතර මොහු ද මෙම සිද්ධියේ සැකකරුවෙකු බවට පොලීසිය විශ්වාසය පළ කරනවා. සැකකරුවන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් 0772 659 336 යන දුරකථන අංකය ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබා දිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්