අත්අඩංගුවට ගත් සැකකාර කථිකාචාර්යවරයා ඉකුත් 25 වැනිදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර ඇති බවද එහි ප්‍රකාශයෙක් පැවැසීය. සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියකු කියා සිටියේ එම අධිකාරියේ නිලධාරියකු වසර 15ක කුඩා දරුවකු වශයෙන් පෙනී සිටිමින් සැකකාර කථිකාචාර්යවරයා සමඟ මසක් පමණ කාලයක් ෆේස් බුක් එක හරහා අදහස් හුවමාරු කර ගනිමින් තොරතුරු එක්රැස් කරගත් බවය.
එසේ කරුණු එක්රැස් කරගත් ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් පිරිසක් සැකකාර කථිකාචාර්යවරයාට පිටකෝට්ටේ ප්‍රදේශයට පැමිණෙන ලෙස දන්වා ඉකුත් 25 වැනි දින පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන ඇති බවද එකී ප්‍රකාශකයා කීවේය. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියා කියා සිටියේ අන්තර්ජාලය හරහා කුඩා ළමයින්ට සිදුවන අපයෝජන වැළැක්වීම සඳහා එම අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මියගේ උපදෙස් අනුව ඒකකයක් පිහිටුවා ඇති බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉකුත් මාස තුනේදී මේ ආකාරයේ විවිධ තනතුරු දරන තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.