ජනපති ලේකම් පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම්දෙයි
පළාත් සභාවේ වියදමින් පළාත් සභා මන්ත්‍රීවරු ඇමැතිවරු සහ නිලධාරීන්ගේ විදේශ සංචාර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මේ පිළිබඳ දැනුම් දෙමින් සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිපියක් යවා ඇත.විදේශ ව්‍යාපෘති මගින් පළාත් සභාවලට ලැබෙන මුදල් වියදම් කර විදේශ සංචාරවල නිරත වීමෙන් පළාතේ සංවර්ධන කටයුතුවලට බාධා සිදුවන බැවින් සිය පෞද්ගලික වියදමින් සංචාරවල යෙදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය එම ලිපිය මගින් දැනුම් දී තිබේ.
ඒ අනුව වයඹ පළාත් සභාවේ මන්ත්‍රී කණ්ඩායමක් යාමට නියමිතව තිබූ විදේශ සංචාරයක් ද පසුගියදා අත්හිටුවා ඇත.