ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

2282.jpg


කාන්තාවක් පුරුෂයෙකු සමග ලිංගිකව එක්වීම ආරම්භ වූ දිනයේ සිට වසර පහක් ගත වූ පසු හෝ ගැබ්ගෙල පිළිකාවක පූර්ව රෝග ලක්ෂණ දැකගත හැකි නම් හෝ වෛද්‍ය පරීක්ෂණයකට ලක්වීම සුදුසු බව දක්වනු ලබයි.

කෙසේ නමුත් අවුරුදු 35 ට වැඩි කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා හඳුනාගැනීම නොමිලේ සිදුකර ගැනීම වෙනුවෙන් දීපව්‍යාප්තව සුවනාරි සායනද පවත්වනු ලබයි. නමුත් ගැටලුව වන්නේ අප ගැබ්ගෙල පිළිකා කලින් හඳුනාගැනීමට උනන්දු වනවාද යන්නයි.

විශේෂයෙන් මෙම රෝගය වැලඳුණු පසු කුමක් සිදුවන්නේද පිළිබඳ බොහෝදෙනා නොදන්නාකම ඊට හේතු විය හැකිය.

ගැබ්ගෙල පිළිකාවකින් රූමත් කාන්තාවකට කුමන ඉරණමක් අත්වන්නේද යන්න ඒත්තු ගැන්වෙන අයුරේ ඡායාරූප කිහිපයක් පසුගියදා අන්තර්ජාල වෙබ් අඩිවි වාර්තා කර තිබුණි.

ඒ අවුරුදු 19 ක් තරම් කුඩා වයසැති මෝස්තර නිරූපිකාවකගේ ජීවිතයේ අවසාන දිනයේ ලබාගත් ඡායාරූප කිහිපයක් උපුටා දක්වමිනි. සොෆි ජොන්ස් නැමැති මෙම තරුණියට උදරයේ ආසාදයක් වැලඳීම නිසා පසුගිය නොවැම්බර් මස රෝහල් ගත කර තිබුණි.

කෙසේ නමුත් අවාසනාවකට මෙන් ඒවනවිටත් ඇයගේ ශරීරය පුරාම පිළිකාව ඔඩුදුවා තිබිණි. ගැබ්ගෙන පිළිකා වෙනුවෙන් සිදුකරනු ලබන පර්යේෂණ (ඇතැම්) අවුරුදු 25 ට වැඩි කාන්තාවන්ට පමණක් නිර්දේශ කරන බැවින් සොෆියා එම පරීක්ෂණ වලට ලක්කර නොමැතිවීමද මෙම රෝගය කල්තියා හඳුනාගැනීමට නොහැකිවීමට හේතු ලෙසද දක්වා තිබිණි.

මේ අනුව එංගලන්ත කාන්තාවන් ගැබ්ගෙල පිළිකා හදුනාගන්නා පරීක්ෂණ අවුරුදු 16 සිට ඉහළ ගැහැනු දරුවන් සඳහාද අනුමත කරන ලෙස ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.
1330.jpg 2282.jpg 3194.jpg 4128.jpg

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්