ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කල්ලියේ තිදෙනෙක් දැනටමත් අත්අඩංගුවේ

* යාළුකම දුරදිග ගියාම තැන් තැන්වලට කැඳවාගෙන
* වැඩිම ගොදුරු වී ඇත්තේ අවු. 35-55 අතර අය
* ලැජ්ජාව නිසා පොලිසියටවත් කියා නෑ
ෆේස්බුක් වෙබ් අඩවි හරහා විවිධ පුද්ගලයන් සමඟ සබඳතා ඇතිකරගෙන ‍ඔවුන් කොල්ලකන කල්ලියක් හඳුනාගෙන ඇති පොලිසිය මේ වන විට ඊට සම්බන්ධ තිදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
'අපි මිතු‍රෝ' සහ 'සම්පත් පෙරේරා' යන ෆේස්බුක් සහ අන්තර්ජාල හරහා විවිධ පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින් මේ කල්ලිය කොල්ලකෑම් පමණක් නොව පුද්ගල ඝාතන ද සිදු කර ඇතැයි පැවසේ.
පුද්ගලයන් 15 දෙනකුගෙන් පමණ සමන්විත එම කල්ලිය ෆේස් බුක් සහ වෙබ් අඩවි හරහා කතා කර අනියම් ආකාරයේ සම්බන්ධකම් ඇතිකර ගනී. විශේෂයෙන් පිරිමි සහ පිරිමි ද, කාන්තාවන් සහ කාන්තාවන් ලෙස සබඳතා ඇති කරගෙන ඔවුන් විවිධ ස්ථානවලට ගෙන්වාගෙන හමුවෙයි. අනතුරුව ඔවුන් සතු මිල මුදල් රන් ආභරණ ආදිය සොරකම් කර ගනිති. මීට සති කිහිපයකට පෙර නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනයට ලක්වීම සහ හැටන් ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනයට ලක්වීම එම කල්ලිය විසින් සිදු කැරුණු බවට කරුණු අනාවරණය වෙයි.
මොවුන්ගේ අරමුණ අනියම් සහ අසම්මත සබඳතා පැවැත්වීම නොව ඒ හරහා කොල්ලකෑම බව ද හෙළි වී ඇත.මෙම කල්ලිය මේ වන විට එවැනි සබඳතාවලට යොමු වූ පිරිමින් සහ කාන්තාවන් සියයකගේ පමණ මුදල් සහ වෙනත් වටිනා දෑ කොල්ල කා තිබේ.

මෙවැනි සිද්ධීන්වලට ලක් වූ වැඩි පිරිසක් ලැජ්ජාව නිසා පොලිසිවලට පැමිණිලි කර නොමැත. වයස අවුරුදු 35 - 55 අතර වැඩි දෙනෙකු මෙම අසම්මත සබඳතාවලට ගොදුරු වී ඇත. මේ නිසා ෆේස්බුක් හරහා මෙවැනි සබඳතාවලට යොමුවන පුද්ගලයන්ගේ ජීවිතවලට දැඩි අනතුරුදායක තත්ත්වයක් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය. මෙම කල්ලියේ සෙසු පිරිස් කොටුකර ගැනීමට රහස් පොලිසිය කොළඹ අපරාධ කොට්ඨාස සහ පොලිස් කණ්ඩායම් ගණනාවක් පරීක්ෂණ සිදු කරයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්