ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


මෝටර් රථයකින් ගොස්‌ ඉබ්බා එළියට සිටින සේ වසා ඇති නිවෙස්‌වල තාප්පයෙන් ඇතුළට පැන නිවසේ දොර ජනෙල් හා ගී්‍රල් ගලවා ඇතුළුවී දේපළ සොරා ගැනීමේ නිරතව සිටි අනියම් පෙම් යුවළක්‌ කඩවත පොලිසිය මගින් ඉකුත්දා ඇල්දෙණිය ජනතා මාවතේ දෙමහල් නිවසක්‌ තුළදී බලවත් පරිශ්‍රමයක්‌ යොදා අත්අඩංගුවට ගෙන ඇත.

කුලී පදනම මත එම නිවසේ පදිංචිව සිටි මෙම පෙම් යුවළ විසින් සොරාගෙන තිබූ රුපියල් ලක්‍ෂ 5 ට වැඩි වටිනා කමින් යුත් දේපළ රාශියක්‌ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්‌ථාවේ නිවසේ වහලය මතට නැගුණු සැකකරු මෙල්ල කර ගැනීමට ගිය පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙකු සමග පොර බැදූ ඔහු පොලිස්‌ නිලධාරීන්ගේ අත් හා බාහු සපා කෑමෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

"හයිබ්‍රිඩ්" වර්ගයේ සුපිරි මෝටර් රියෙන් නිවෙස්‌ කොල්ල කෑමට යන මෙම යුවළ ඉබ්බා පිටතින් දමා වසා ඇති ගේට්‌ටුව සහිත නිවසක්‌ දුටුවිට ඒ ආසන්නයේ වාහනය නවතා බිරිඳ වාහනයේ සිටියදී සැකකරු වාහනයෙන් බැස තාප්පයෙන් ඇතුළට පැන වසා ඇති දොර ජනෙල් සියුම් ආයුධ වලින් විවෘත කර ගී්‍රල් කපා නිවසට ඇතුළුවී නිවසේ ඇති වටිනා දේපළ හා මිල මුදල් සොරාගෙන එම වාහනයෙන්ම ආපසු පැමිණීම සිරිතක්‌ කොට ගෙන තිබුණ බව ඔවුහු පවසා ඇත.

කඩවත, ගණේමුල්ල, ගම්පහ සහ යක්‌කල ප්‍රදේශවල ඔවුන් සිදුකළ මෙවන් කොල්ලකෑම් රාශියක්‌ පිළිබඳ හෙළිකර ඇති අතර නිවෙස්‌ දෙකකින් සොරාගනු ලැබූ දේපළ රාශියක්‌ ඔවුන්ගේ ප්‍රකාශ මත අත්අඩංගුවට ගෙන තිබේ.

එම භාණ්‌ඩ අතර ජංගම දුරකථන 15 ක්‌ හා බැටරි 15 ක්‌ ලැප්ටොප් යන්ත්‍ර 2 ක්‌ වටිනා කැමරා 2 ක්‌, රන්මාල, රන් වළලු, රිදී භාණ්‌ඩ හා මිල මුදල්ද වේ.

මත්තුඩු පාවිච්චිය සඳහා තදින් ඇබ්බැහිව සිටින ඔහුට දිනකට ඒ සඳහා පමණක්‌ රුපියල් 3000 ට වැඩි මුදලක්‌ වැය කිරීමට සිදුව ඇති බව පොලිසියට පවසා ඇති ඔහු එම මුදල් සොයා ගැනීම සඳහා මෙම කොල්ල කෑම් සිදුකරන බව පවසා ඇත.

පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසු සැක කටයුතු අනියම් පෙම් යුවළ කඩවත මහෙස්‌ත්‍රාත් අධිකරණයට ජනවාරි මස 18 දා ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 29 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ගමන් බිමන් යාමේදී නිවස හා ගේට්‌ටු අරපරෙස්‌සම් සහිතව වසා නිවසේ ආරක්‍ෂාව සැලසෙන අයුරු සූක්‍ෂම පියවරක්‌ යොදා ගැනීමට පියවර ගන්නා ලෙස කඩවත පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො.ප. ගැමුණු ගුණරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
 


Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්