ඔලිම්පික් රිදී පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ
මහත්මිය දෙවැනි වරටත් මවු පදවිය ලබමින් පසුගිය සඳුදා (13දා) දියණියක බිහි
කළාය.කොළඹ පෞද්ගලික රෝහලකදී ඇයගේ දෙවැනි දරු උපත සිදුවී ඇති අතර වැඩිමහල්
පුතු ඕකිත රන්දීර උපත ලැබුවේ 2009 මර්තු මස 31 දාය. විශේෂ ප්‍රකාශයක්
කරමින් සුසන්තිකා පවසා සිටියේ තමා දියණියගේ උපතත් සමඟ අංග සම්පූර්ණ මවක්
ලෙස විශාල සතුටකින් පසුවන බවත් තමන් ඉගෙනගත් දේ අනාගත පරපුරට නැවත ලබා දෙන
කෙනකු ලෙස දියණියද අනාගතයේදී ක්‍රීඩාවට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
