අතුරුගිරිය
ප්‍රදේශයේ පිහිටි රාත්‍රි කැරොකේ සමාජ ශාලාවකට පෙරේදා (01
වැනිදා) රාත්‍රී 10.00 ට පමණ ආයුධ සන්නද්ධව කඩාවැදුණු
පිරිසක් එම උත්සව ශාලාවේ ආරක්‍ෂක නිලධාරියකු තියුණු
ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි අතුරුගිරිය පොලිසිය
පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ වැලිකඩ, රාජගිරිය, බුත්ගමුව පාරේ පදිංචිව සිටි බුලත්සිංහලගේ සමිඳු තරිඳු කුරේ (21) නමැති තරුණයෙකි.
මීට දින කීපයකට පෙර මෙම කැරොකේ සමාජ ශාලාව තුළදී මෙම ආරක්‍ෂක නිලධාරියා සමඟ ඇති වූ බහින්බස්‌වීමකට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය විය.
ඝාතනය සිදුවී තිබුණේ කැරොකේ ශාලා පරිශ්‍රයේ ප්‍රධාන ගේට්‌ටුව ආසන්නයේදීය. මෙම ඝාතනය සඳහා කඩු, පොලු රැගත් 20 දෙනකු පමණ පැමිණ ඇතැයි හෙළි වූ බව පොලිසිය කීය.
119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව එම ස්‌ථානයට ගිය පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල සහිතව වැටී සිටි ආරක්‍ෂක නිලධාරියාගේ මළ සිරුර හමු වී ඇත. ඒ මොහොතේම පරීක්‍ෂණ ආරම්භ කළ පොලිසිය මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පිරිස අතර කොළඹ දිස්‌ත්‍රික් ප්‍රබල ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයකුගේ රියෑදුරකු බව කියන අයකු ද සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඝාතනයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා ඇත.
ඝාතනයට ලක් වූ ආරක්‍ෂක නිලධාරියා සම්බන්ධ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය කඩුවෙල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් වසන්ත ජිනදාස මහතා හමුවේදී ඊයේ දහවල් අතුරුගිරිය ඔරුවල රජයේ රෝහලේදී පැවැත්විණි.
ආරක්‍ෂක නිලධාරියාගේ විපත අසා ඔහුගේ සොහොයුරියන්, දෙමාපියන් ඇතුළු ඥතීහු රෝහලට පැමිණ හඬා වැළපෙන අයුරු ද අපට දැකගත හැකි විය.
මේ පිළිබඳව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ අතුරුගිරිය පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.