ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කඹුරුපිටියේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු චින්තක වසන්ත නොහොත් කැටයම් චින්තක පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඊයේ (02) ඇති වූ ගැටුමකදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කඹුරුපිටිය - නයිගල ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි මෙම ගැටුම ඇති වූ බවයි  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. මෙහිදී කැටයම් චින්තක විසින් බෝම්බ ප‍්‍රහාරයක් ද විශේෂ කාර්ය බලකා සෙබලූන් වෙත එල්ල කර තිබෙනවා.  පසුව බෝම්බ ප‍්‍රහාරය එල්ල වූ දෙසට විශේෂ කාර්ය බලකා සෙබලූන් ප‍්‍රහාරයක් එල්ල කර ඇති අතර, අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කැටයම් චින්තකගේ මළ සිරුර සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ. සිද්ධියෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ද ප‍්‍රතිකාර සඳහා කඹුරුපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ ගැටුමකදී මියගිය චින්තක වසන්ත නොහොත් කැටයම් චින්තකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන ලෙසට ඔහුගේ මව විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, කඹුරුපිටියේදී පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන කැටයම් චින්තකගේ මරණය සම්බන්ධයෙන් වන අධිකරණ වෛද්‍ය පරීක්ෂණ අද අවසන්වීමෙන් පසුවයි.

මෙම ඝාතන සිද්ධියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 26 වන දා හක්මන - දෙනගම වැවට පැනීම නිසා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. ඝාතන සිද්ධියේ දෙවන සැකකරු පසුගිය 22 වැනිදා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණේ ආයුධයක් රැුගෙන පොලීසියට වෙඩි තැබීමට උත්සාහ කළ අවස්ථාවේදියි.

කැටයම් චින්තකගේ මරණය පිළිබඳ අධිකරණ වෛද්‍ය පරික්ෂණය අද සිදුකෙරුණේ මාතර මහ රෝහලේදියි. කරුණු කිහිපයක් මත දේහය පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන ලෙස ඔහුගේ මව එහිදී ඉල්ලා සිටියා. ගම්වැසියන් රතිඤ්ඤා දල්වමින් තම පුතුගේ මරණය පිළිබඳව සතුට සමරමින් සිටියදී තමන් දේහය රැගෙන ගමට යෑම තවත් ගැටළු ඇතිකරනු ඇති බවයි චින්තකගේ අම්මා ප‍්‍රකාශ කර ඇත්තේ.

මේ අතර අද පස්වරුවේ කැටයම් චින්තකගේ මව පදිංචිව සිටි කඹුරුපිටිය - මාස්මුල්ල ප‍්‍රදේශයේ පිහිටි නිවසට කිසියම් පිරිසක් ගිනි තබා ඇති බව කඹුරුපිටිය පොලීසිය ප‍්‍රකාශ කළා. මීට පෙර කැටයම් චින්තකගේ නිවසද මෙලෙස ගිනි තබා විනාශ කෙරුණා.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්