ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

උතුරේ සංචාරයක් සඳහා කොළඹින් පිටත්වූ චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්‍ෂ කැලම් මැක්රේ ඇතුළු පිරිසට අද පස්වරුවේ යළි කොළඹ බලා පිටත්ව ඒමට සිදුවුණා. ඒ, ජනතා විරෝධතා හේතුවෙන්. කොළඹ සිට කිලිනොච්චි බලා ධාවනය වන දැයට කිරුළ සීග‍්‍රගාමී දුම්රියෙන් ගමන් ගත් කැලම් මැක්රේ ඇතුලූ පිරිස පෙරවරු 10.45 ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟාවීමත් සමග එම ස්ථානයට රැුස්ව සිටි පිරිස් උද්ඝෝෂණයේ නිරතවුණා. දුම්රිය මාර්ගයේ හිඳ ගනිමින් විරෝධතාකරුවන් චැනල් ෆෝ මාධ්‍යවේදීන්ට විරෝධය පළ කළ අතර ඇතමුන් ඔවුන් රැුඳී සිටි දුම්රිය මැදිරියට ඇතුල්වී විරෝධතාවයේ නිරතවූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

එහිදී විරෝධතාකරුවන්ට මාධ්‍ය කණ්ඩායමේ සිටි මාධ්‍යවේදී ජොනතන් මිලර් ප‍්‍රතිචාර දක්වා සිටියේ පුවත්පත් වාර්තාවක් පෙන්වමින්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තමන්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනාවක් සිදුකර ඇති බව එම වාර්තාව උපුටා දක්වමින් ඔහු කියා සිටියා.   
               පැය දෙකකට අධික කාලයක් විරෝධතාව පැවතීම නිසා පසුව උතුරුමැද ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේවර්ධන මැදිහත්වීමෙන් චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදීන් පිරිස පෞද්ගලික වෑන් රථයකින් කොළඹට පිටත්කර හරිනු ලැබුවා. 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්