කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් විදුහලක
අධ්‍යාපනය ලබන සිසුන්ට ලිංගික බලපෑම් කරනු ලැබූ එම විද්‍යාලයේ ගුරුවරයකුට
විරෝධය පළ කරමින් පසුගිය සිකුරාදා (08දා) විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක්
පැවැත්විණි.
සිද්ධියට සම්බන්ධ ගුරුවරයා මීට පෙරද දරුවන්ට ලිංගික බලපෑම් කිරීම හේතුවෙන් චෝදනා ලැබ ඔහුට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ඇති බව දැනගන්නට ඇත.
එහිදී වෙනත් පාසලකට ස්ථාන මාරුවීමක් ලබාදීමට අධ්‍යාපන බලධාරීන් ක්‍රියා කර ඇතත් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම් මත එම ස්ථාන මාරුව අවලංගු කිරීමට කටයුතු කොට ඇති බවත් මෙම ගුරුවරයා අදාළ දේශපාලනඥයාගේ මස්සිනා කෙනෙකු වන බවත් පැවැසේ. මෙම ගුරුවරයා වසර 2ක් තිස්සේ පාසලේ ඉගැන්වීම් කටයුතු නොකර කඩපිල්වල හිඳිමින් ගුරුවරයකුට නොගැළපෙන ලෙසින් හැසිරී ඇති අතර අවස්ථා කිහිපයකදී දරුවන්ට ලිංගික යෝජනා කළ බවට මවුපියන්ගෙන් චෝදනා එල්ලවී ඇති බව විදුහල්පතිවරයා සනාථ කළේය.
ඒ අනුව මවුපියන් ආදි සිසුන් හා ඇතැම් ගුරුවරුන් මෙම ගුරුවරයාගෙන් සිසුන්ට සිදුවන බලපෑම් සම්බන්ධව කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම්වත් කර ඇත. උද්ඝෝෂණයට එක්වූ සිසුන් සියලුම දෙනා අදාළ ගුරුවරයා විද්‍යාලයෙන් වහාම ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයේ නිරත වූ අතර විදුහල්පතිවරයාට ගුරුවරුන්ට පවා සිසුන්ව පාලනය කරගැනීමට නොහැකි විය.
පැයක පමණ කාලයක් සිසුන් මෙසේ උද්ඝෝෂණයේ නියැළුණු අතර පොලිසිය පැමිණ ඔවුන් සියලු දෙනාම පාසල තුළට යොමු කිරීමට පියවර ගෙන තිබිණි. සිද්ධිය සම්බන්ධව තොරතුරු ලද වහාම කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ යූ.එල්. සිරිමෙවන් පොඩිනිලමේ මහතා විද්‍යාලයට ගොස් තත්ත්වය පිළිබඳ විමසා අදාළ උපදෙස් ලබාදීමට පියවර ගෙන ඇත.
අප විසින් කරන ලද විමසීමේදී කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවැසුවේ මීට පෙරද මෙම ගුරුවරයාට මෙවන් චෝදනා එල්ල වූ බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කර ස්ථාන මාරුවක් ලබාදීමට පියවර ගත් නමුත් එය අතරමඟ නතර කිරීමට සිදුවූ බවත්ය.
දරුවන්ගේ ආරක්ෂාව, මවුපියන්ගේ බලපෑම හා ගුරුවරුන්ගේද ඉල්ලීම සලකා බලා චෝදනා ලැබූ ගුරුවරයා කලාප අධ්‍යාපන කාර්යාලයට කැඳවා වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ලබාදීමට පියවර ගත් බවත්, ඔහුගේ අසනීප තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානය යොමු කර වෛද්‍ය මණ්ඩලයකට යොමු කර හෙතෙම විශ්‍රාම ගැන්වීමට පියවර ගන්නා බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවැසීය. පරිපාලන නිලධාරි මහතා ලබන 11දා විද්‍යාලයට ගොස් විනය පරීක්ෂණයක් පැවැත්වීමට යොමු කළ බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.