ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ගෙදර සිටියේ සුද්දියක්‌, ශ්‍රී ලාංකිකයෙක්‌ රට පූසෝ 7 දෙනෙක්‌ බල්ලෝ තිදෙනෙක්‌
නුගේගොඩ, ඇඹුල්දෙණිය, ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්‌ හා ශ්‍රී ලාංකික පුද්ගලයකු වාසය කළ දෙමහල් නිවසකින් කඩු, කිණිසි, ඇතුළුÊඅවි ආයුධ රැසක්‌ හමුවීම සම්බන්ධයෙන් මිරිහාන මූලස්‌ථාන පොලීසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.

මිරිහාන මූලස්‌ථාන පොලිසියේ පරිසර ඒකකයේ නිලධාරීන් හා ඩෙංගු මර්දන ඒකක නිලධාරීන් එක්‌ව පෙරේදා (09 වැනිදා) ඇඹුල්දෙණිය ප්‍රදේශයේ නිවෙස්‌වල ඩෙංගු කීටයන් ඇත්ද යන්න පරීක්‍ෂා කිරීමට ගිය අවස්‌ථාවේ ලද තොරතුරකට අනුව මෙම නිවස පරීක්‍ෂා කිරීමේදී අදාළ අවි ආයුධ තොගය හමුවී ඇති බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා  ඊයේ (10 වැනිදා) පැවැසීය. නිවසේ සිටි ශ්‍රී ලාංකිකයා මුස්‌ලිම් ජාතිකයෙකි.


මෙහීදී එම නිවසේ කාමරයක සඟවා තිබූ වායු රයිෆල් 16 ක්‌, සෙල්ලම් පිස්‌තෝල 56 ක්‌, කඩු 242 ක්‌, විශාල ප්‍රමාණයේ කිණිසි 45 ක්‌, කුඩා ප්‍රමාණයේ කිණිසි 53 ක්‌, පිහි 60 ක්‌, මූනිස්‌සම් ටින් 16 ක්‌, දුරදක්‌න 11 ක්‌ ඇතුළු අවි ආයුධ රැසක්‌ තිබී පොලිසිය සොයාගෙන ඇතැයිද හෙතෙම කීය.

මිරිහාන පොලිස්‌ පරිසර ඒකකයේ නිලධාරීන් හා ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් එම දෙමහල් නිවස තුළට පිවිසෙන විට රට බළලුන් හත් දෙනෙකු හා බල්ලන් තුන්දෙනෙකු සිටි බවත් පැවැසේ.

එම නිලධාරීන් නිවසට යන විට බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව හා නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනකු සිට ඇත.

එම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගෙන් සැමියා පිළිබඳව පොලිස්‌ නිලධාරීන් ඇසීමේදී ඔහු ව්‍යාපාරික කටයුත්තක්‌ සඳහා හම්බන්තොට ගිය බව ප්‍රකාශ කර තිබේ.

කඩු, කිණිසි ඇතුළු අවි ආයුධ තොගය නිවසේ කාමරයක සඟවා තබන ලද්දේ මන්ද යන්න විමසීමේදී ඈ මෙම අවි ආයුධ තිබෙන බවක්‌ දැන නොසිටි බව ප්‍රකාශ කළේ යෑයි පොලීසිය පවසයි.

කෙසේ වෙතත්, ඇගේ සැමියාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය මේ වන විට සූදානම් වෙමින් සිටිති.

මෙම අවි ආයුධ කිසියම් අපරාධ සඳහා භාවිතා කළේද? එසේත් නොමැති නම් එම නිවෙස්‌ හිමියා මෙම අවි ආයුධ පාතාල කල්ලි සඳහා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූයේද යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ සිදු කරයි.

මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව හා මුස්‌ලිම් ජාතික ශ්‍රී ලාංකික පුද්ගලයා මීට වසර දෙකකට උඩදී මෙම නිවසට පදිංචියට පැමිණ ඇතැයි හෙළි වූ බවද පොලිසිය පවසයි.

සොයා ගත් අවි ආයුධ සියල්ල රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බවද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මේ පිළිබඳව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්