ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ඉන්දීය මහාබෝධි සංගමයේ ප්‍රධාන ‍ලේකම් ධුරය දැරීම වළක්වාලමින් ඉන්දියාවේ කල්කටා නුවර මහාධිකරණය විසින් ආචාර්ය දොඩම්ගොඩ රේවත හිමියන් වෙත තහනම් නියෝගයක් පනවා ඇත. කල්කටා මහාධිකරණය මේ අතුරු තහනම් නියෝගය නිකුත් කළේ රේවත හිමියන් බෞද්ධ භික්ෂූන් උදෙසා විනය පිටකය මගින් පනවා ඇති නීති හා රෙගුලාසි උල්ලංඝනය කරමින් බෞද්ධ භික්ෂුවකට නුසුදුසු ලෙස ක්‍රියා කරන බව සඳහන් පෙත්සමක් සැලකිල්ලට ගනිමිනි.
ඉන්දීය නීතිවේදීහු අවධාරණය කරන්නේ බෞද්ධ පිටකයක් පදනම් කර ගනිමින් පෙත්සමක් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට කල්කටා මහාධිකරණය අවසර ලබාදීම ඉන්දීය අධිකරණ ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් බවය.
මේ අතුරු තහනම් නියෝගය නිසාත්, කාන්තාවක් සිප වැළඳ ගන්නා වීඩියෝ දර්ශන සහ ඡායාරූප ගණනාවක් ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරව් වූ නිසාත් මේ දිනවල රේවත හිමියෝ ඉන්දියාවේ බෞද්ධ ජනතාව අතර මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වී සිටිති. උන්වහන්සේට විරෝධය පාමින් ඉන්දීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සංවිධාන ගණනාවක් පසුගියදා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කළහ.
මේ සමගම පසුගිය කාලය පුරා ඉන්දීය මහාබෝධි සංගමය හරහා සිදුවිණැයි පැවසෙන අයථා ක්‍රියාවන් ගණනාවක්
පිළිබඳව තොරතුරුද ඉන්දීය ජන මාධ්‍යයන් ඔස්සේ හෙළිදරව් වෙමින් පවතී.
විදේශීය මුදල් අයුතු ලෙස පරිහරණය සම්බන්ධයෙන් වැරදිකරු වීම හේතුවෙන් සංගමයේ කිසිදු මූල්‍යමය කටයුත්තකට රේවත හිමියන්ට සම්බන්ධ වීම තහනම් කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නියෝගයක්ද පනවා තිබේ.


2001 වසරේ සිට ඉන්දීය මහාබෝධි සංගමයේ ප්‍රධාන ‍ලේකම් ධුරය හොබවනුයේ රේවත හිමියන් විසිනි. අසීමිත කාලයකට එම ධුරය දැරීමට හැකි වන ලෙස පසුගියදා ව්‍යවස්ථා සංශෝධනයක්ද සිදුකෙරිණි.
මෙම ව්‍යවස්ථා සංශෝධනයන්ට විරෝධය පළ කරමින් සංගමය හා දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කටයුතු කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු භගබතී ප්‍රසාද් බැනර්ජි, බෙංගාලයේ හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති අමියෝ කුමාර් සමන්තා සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු චිත්තතෝශ් මුකර්ජි මහතාද සංගමයේ මතෛක් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත. මුකර්ජි මහතා අනගාරික ධර්මපාලතුමන් මුලින්ම ඉන්දීය මහාබෝධි සංගමය පිහිටවූ අවස්ථාවේ එහි සභාපතිත්වයට පත් කරගත් ආශුතෝශ් මුකර්ජි මහතාගේ මුණුපුරෙකි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්