දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් චාමර
වික්‍රමනායක මහතා ඉදිරිපිටදී සැමියාගෙන් නඩත්තු මුදල් ලෙස රුපියල් හයදාහක
මුදලක් ලබාගත් විවාහක 25 හැවිරිදි බිරියට උසාවිය තුළදීම උසාවියේ තිබූ
උදැල්ලක් රැගෙන සැමියා විසින් බෙල්ලට හා අත් දෙකට පහරදී බරපතළ ලෙස තුවාල
සිදුකොට ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ දෙහිඅත්තකණ්ඩිය කුඩාගල අංක 217 පදිංචි නිලූකා සිල්වා නමැත්තිය දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැමියා වන දෙහිඅත්තකණ්ඩිය සමනලතැන්න අංක 34 පදිංචි රත්නායක මුදියන්සේලාගේ සමන් කුමාර (32) නමැති අය දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටී.
දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයේ පො.ප. ගමනායක, පෙ.සැ. විමලසිරි (2236) යන මහත්වරු පරීක්ෂණ පවත්වති.