බණ්ඩාරවෙල සිට පූනාගල දක්වා ධාවනය වෙමින් පැවති ලංගම බස් රථයක් බලගල,
මාපිටිය 09 කණුව අසලදී පාරෙන් ඉවතට පැන අඩි 300 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන්
පුද්ගලයින් 12 දෙනකු එම ස්ථානයේදීම මියගොස් තවත් 21 දෙනකු තුවාල ලබා ඇත.
ඔවුන් අතරින් හත්දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර මෙම රෝගීන් බදුල්ල රෝහලට
ඇතුලත් කර ඇත
. බණ්ඩාරවෙල ඩිපෝවට අයත් මෙම බස්රථය බණ්ඩාරවෙල නගරයෙන් පිටත්ව ඇත්තේ
ඊයේ (04) සවස 6.30 පමණය. අනතුර සවස 7.30 පමණ සිදුවී ඇත. මෙම බස් රථය තනි
දොර බස් රථයක් වන අතර එහි පුද්ගලයින් 55 -60 අතර ප්‍රමාණයක් ගමන් කර ඇත.
පූනාගල දෙස සිට බණ්ඩාරවෙල දෙසට පැමිණි යතුරු පැදියකට ඉඩදීමට යාමේදී බස් රථය
පෙරළී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
බස් රිය අනතුරින් මියගිය පුද්ගලයින් 09 දෙනකුගේ මළ සිරුරු බණ්ඩාරවෙල රෝහලට රැගෙන විත් ඇති අතර, එක් මළ සිරුරක් දියතලාව රෝහලේ තැන්පත් කර ඇත. අනෙක් දෙදෙනාගේ මළ සිරුරු බස් රථයට යටවී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
බණ්ඩාරවෙල රෝහලේ තැන්පත් කර ඇති මෘත ශරීරවලින් පස්දෙනෙකු කාන්තාවන් වන අතර අනෙක් හතර දෙනා පිරිමි අයවලුන්ය. මිය ගිය අයගෙන් හයදෙනෙකු හඳුනාගෙන ඇත. ආර්. එම්. සමන්ත රත්නායක, පෙරින්දන් රවිචන්ද්‍රන්, සත්‍ය රාජ්, පී. වල්ලි අම්මා, ආර්. ඩී. ආරියදාස, වල්ලිඅම්මා එම හඳුනාගත් අයවලුන්ය. තවත් කන්තාවන් තිදෙනෙකුගේ හා පිරිමි අයකුගේ මළ සිරුරු හඳුනාගෙන නැත. මිය ගිය අය මාපිටිය සහ පූනාගල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
තුවාලකරුවන් බණ්ඩාරවෙල දිසා රෝහලට රැගෙන යාමට දියතලාව යුද හමුදා කඳවුරේ සෙබළුන් හා බණ්ඩාරවෙල පොලිසිය කටයුතු යොදා තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් හත් දෙනෙකු බදුල්ල පළත්බද මහරෝහලට මාරුකර යවා ඇත. එම රෝගීන්ගෙන් තත්ත්වය බරපතළ බදුල්ල රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරයි. එම තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු වයස අවුරුදු 3-5 අතර කුඩා දරුවන්ය.
වැසි සහිත තත්ත්වය සහ දැඩි ප්‍රපාතය හේතුවෙන් තුවාලකරුවන් ප්‍රධාන මාර්ගයට ගෙන ඒමට පොලිසියට දැඩි මහන්සියක් දැරීමට සිදුවී තිබුණි.
අනතුරෙන් තවත් කීප දෙනකු මියයන්නට ඇතැයිද, අයහපත් කාළගුණය හේතුවෙන් එම මළසිරුර සෙවීම අපහසු වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
අනතුරින් මියගිය එක් අයකු වෙනුවෙන් රු.15000 ක වන්දි මුදලක් ඔවුන්ගේ පවුල් වලට ගෙවීමට කටයුතු කරන බව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.එස්.ඩී. ජයසුන්දර මහතා පැවසීය.
මෙම අනතුර දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන් එම ස්ථානයට වාහනවලින් පැමිණීම නිසා ඊයේ රාත්‍රියේ බණ්ඩාරවෙල පූනාගල මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද පැවතුණි.