ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


ටෙලි නාට්‍ය නිළි හංසි සිතාරා මහත්මියට පහරදී ඇය සතු රුපියල් විසිදහසක් වටිනා ජංගම දුරකතනයක් සොරා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා දුරකතන වාර්තා ලබා ගැනීමට නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා මිරිහාන පොලිසියට අවසර ලබා දුන්නේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි විමර්ශන සඳහා දුරකතන වාර්තා ලබා ගැනීමට අත්‍යවශ්‍යව ඇති බවත්, ඒ සඳහා අවසර ලබාදෙන ලෙසත්, පවසමින් මිරිහාන පොලිස් අපරාධ අංශය 'බී' වාර්තාවක් මඟින් අධිකරණයට වැඩිදුර කරුණු දැක්වීමෙන් පසුව එසේ අවසර ලැබිණි.
මිරිහාන පොලිස් අපරාධ අංශය වැඩිදුර 'බී' වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පහරදීමේ සිද්ධිය සිදුවූ බව කියන ගම්සභා හන්දියේ පිහිටි නිලූ සැලුන්හි අයිතිකාරිය වන නිලූකා දමයන්ති කොඩිකාර නමැත්තියගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි.


මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වන හංසි සිතාරා මහත්මියට පහරදුන් බව කියන සැකකාර ආක්ෂා සුධාරි හා ඇගේ මවද ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි මේනකා මධුවන්ති යන අයද පැමිණිලකාරියට බැන වැදුණු නමුත් පහර නොදුන් බවද පැමිණිලිකාරියගේ දුරකතනයක් පොළොවේ ගසන අයුරු දැක නැති බවද එහෙත් සැකකාර ආක්ෂා සුධාරි හා ඇගෙ මව පැමිණිලිකාරිය ඇදගෙන පැමිණි ඇඳුම ඉරා රැගෙන ගොස් කුණු කූඩයකට දැමූ බවද එය නගර සභාවෙන් පැමිණ රැගෙන ගිය බවද එම සැලුන් අයිතිකාරිනිය වන කොඩිකාර මහත්මිය සිය ප්‍රකාශය මඟින් දන්වා තිබෙන බවද පොලිසිය පවසයි.

මිරිහාන පොලිසිය 'බී' වාර්තාව මඟින් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටින්නේ නිලූ සැලුන් අයිතිකාරිනිය වන කොඩිකාර මහත්මියගේ සැලසුමකට අනුව මෙම පහරදීම සිදුවූ බවත් ඇයද තමාට පහරදුන් බවත් පැමිණිලිකාර සිතාරා මහත්මිය ඉකුත් 24 වැනිදා පොලිසිය හමුවේ තවත් ප්‍රකාශයක් ලබාදී ඇති බවයි.

තවද මෙම සිද්ධිය සිදුවූ ස්ථානයේ වීඩියෝ දර්ශන පට පොලිස් භාරයට ගෙන ඇති බවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය 'බී' වාර්තාව මඟින් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

ආක්ෂා සුධාරි (වත්තල) හා ඇගේ මව වන මොහොදින් මහීදා (වැල්ලවත්ත) මෙන්ම ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි මේනකා මධුවන්ති (මත්තේගොඩ) යන අය මෙම සිද්ධියේ සැකකාරියන් වන අතර මෙම සිද්ධිය ඉකුත් 10 වැනිදා ගම්සභා හන්දියේ සැලුන් එකක් තුළදී සිදුවී තිබූ බව අනාවරණය කෙරුණි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්