ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ජනපති ආර්යාවගෙන් රෝගි දරුවකුට සත්කාර


ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය (02) දා මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා දරුවන් ඇතුළු රෝගීන්ගේ පහසුකම් පිළිබඳ සොයා බැලීමේ අරමුණින් විශේෂ නිරීක්ෂණයක නිරත වූවාය.
මෙම කටයුත්ත විශේෂයෙන් සංවිධානය කෙරුණේ ජනාධිපතිතුමාගේ දයාබර පියාණන් වන ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා හා ආදරණීය මෑණියන් වන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ වාර්ෂික ගුණානුස්මරණය නිමිත්තෙනි.
මෙහිදී නේවාසිකව ප්‍රතිකාර ලබන කුඩා දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ රාජපක්ෂ මැතිනිය වැඩිදුර ප්‍රතිකාර සඳහා මූල්‍ය අපහසුතා ඇති දරුවන්ට අවශ්‍ය ආධාර උපකාර ලබාදීමට ද එකඟ වූවාය.
නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන 600කට අධික රෝගීන් පිළිබඳ පෞද්ගලිකව සොයා බලා ඔවුන් අසලටම ‍ෙගාස් සුවදුක් විමසූ ජනාධිපති ආර්යාව ඔවුන් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමට ද කටයුතු කළා ය.
මහරගම ජාතික පිළිකා රෝහල සම්බන්ධයෙන් නිරන්තර අවධානයක් යොමු කරන එතුමිය එහි අවශ්‍යතා මෙන්ම එහි ‍ෙන්වාසිකව පතිකාර ලබා ගන්නා අහිංසක ළමයින් ඇතුළු රෝගීන් කෙරෙහිද දක්වන්නේ මහත් දයානුකම්පාවකි.

මහරගම ජාතික පිළිකා ‍ රෝහලට මෙතෙක් මහත් අඩුපාඩුවක්ව පැවැති MRI ස්කෑනර් යන්ත්‍රයක් ලබා ගැනීමේ සත්කාර්යය වෙනුවෙන්, රාජපක්ෂ මැතිනියගේ මූලිකත්වයෙන් විශේෂ පා ගමනක් ද පසුගියදා සංවිධානය කෙරිණි.
පිළිකා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කණිෂ්ක ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ. මහරගම පිළිකා රෝහල හා එහි ප්‍රතිකාර ලබන රෝගීන් පිළිබඳ රාජපක්ෂ මැතිනිය කටයුතු කරන ආකාරය, සමස්ත මානව සමාජයටම උතුම් ආදර්ශනයක් බවයි. පසුගිය වසරේ ද එතුමියගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් පිළිකා රෝහලට තෙමහල් වාට්ටු සංකීර්ණයක් ඇතුළු රුපියල් මිලියන 120කට අධික නවීන වෛද්‍ය උපකරණ ලබා දීමට කටයුතු කෙරිණ.
ජනාධිපති ආර්යාවගේ මැදිහත්වීමෙන් මහරගම පිළිකා රෝහලට නවීන පහසුකම්වලින් යුක්ත රුපියල් මිලියන 1500ක නව ගොඩනැගිලි සංකීර්ණක් සඳහා ද පසුගියදා මුල්ගල් තැබිණි. එහි ඉදිකිරීම් ද මේ වනවිට ක්‍රියාත්මකව පවතී.
.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්