ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කැසිනෝ ව්‍යාපාරයෙන් සමාජයට කිසිඳු අයහපතක් සිදු නොවන බවත්, ශ්‍රී ලංකාව නාවික හා ගුවන් කේන්ද්‍රයක් බවට පත් කිරීම සඳහා සිදු කෙරෙන අයෝජන වලට කැසිනෝ වලින් පිටුවහලක් ලැබෙන බවත්  උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතා අවධාරණය කර සිටියි.  ඔහු මේ බව ප‍්‍රකාශ කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය, එස් බී දිසානායක මහතා මෙසේද සඳහන් කළේය.

'' අපේ ගමට ස්විප් කාරයෙක් ගියාම, ස්විප් එක ගන්නේ දුප්පත් මිනිස්සු. එකත් සුදුවක්.  අපේ ගමට බාර් එකක් ගියාම අපේ ගමේ මිනිහා තමයි එකට ගිහිල්ල අඩියක් ගහන්නේ.  ගම්වල මිනිස්සු සුදුවට හරි, බොන්න හරි කැසිනෝ වලට යන්නේ නැහැ...


එත් අපි අපේ රට නාවික කේන්ද්‍රයක් කරගන්න හිතනවා නම්,  නාවික කේන්ද්‍රයක් කර ගන්න හිතනවා නම්, අපිට කැසිනෝ වගේ ඔට්ටු සෙල්ලම් කරන්න පුළුවන්, තරු6 , තරු 7 හෝටල් කීපයක් ඕන. ඒවාට එන සුපිරි ව්‍යාපාරිකයෝ රෑට මේවගේ හෝටල්වලට ගිහිල්ල රුපියල් 50,000ක විතර ඔට්ටුවක් අල්ලලා සතුවෙනවා, විනෝද වෙනවා . එක දිනුවත් පැරදුනාත්  ඒවගේ අයට එක මහා ලොකු දෙයක් නෙමෙයි. නමුත් එයින් එයාලා  විශාල තෘප්තියක් ලබනවා...

අපි අවුරුදු කාලෙට අපේ ගම්වල දෙමාපියෝ දුවා දරුවොත් එක්ක පංච දානවා. එක ඔට්ටුවක්. එයින් අපේ ගැමියෝ විශාල සතුටක් ලබනවා. නමුත් එක සුදුවක් නෙමෙයි. ඔට්ටු ඇල්ලීම අපේ 'කල්චර්' එකේ තියන දෙයක්.  හැබැයි ගම්වල තියන 'රේස් බයි රේස්' කියන්නේ  සුදුවක්.

නමුත් කැසිනෝවලට ගමේ රටේ  සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැහැ. එනිසා මේකෙන් අපි රටේ ජනතාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.  ඒ නිසයි මම කියන්නේ රේස් බුකියකින් වන හානියෙන් දහයෙන් එකකවත් කැසිනෝ වලින් වෙන්නේ නැහැ. ''යයි ද දිසානායක ඇමතිවරයා පැවසිය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්