ස්කීපි, ස්කීපි.... ගේ දෙවනත් කරලා ස්කීපිට
අඬගැහුවත්, ස්කීපිගේ ඡායාවක්වත් දැකගන්න ලැබුණේ නැහැ. ස්කීපිගේ කෑම භාජනයේ
තිබුණු එක බත් ඇටයක්වත් අඩුවෙලා තිබුණේ නැහැ. ගෙදර අෑයෝ සේරම එකතුවෙලා
ස්කීපිව හොයන්න පටන්ගත්තේ ස්කීපිගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු නිසා.
'මෙන්න මේසේ යටට වෙලා ස්කීපි ඉන්නවා' හැමෝම මේසේ ගාවට දුවගෙන ගියත්, ස්කීපි නෙවෙයි ඇහැක්වත් ඇරලා බැලුවේ. එයාව අතපත ගාන්න හදපු අයටත් එයා ගොරවලා එළවගත්තා. මේ විදියට නොකා නොබී හිටියොත් ස්කීපියා මැරෙයි. ගෙදර හැමෝම ස්කීපි ගැන බිය වුණා. ස්කීපි මේ විදියට මුනිවත රකින්න පටන් අරන් දැන් සතියකටත් වැඩියි. හැමෝම කතා වුණේ ස්කීපි ගැන.
ස්කීපි කියන්නේ ගලේවෙල දැඹව ශාන්තලාගේ ගෙදර හිටපු බලු සුරතලා. ස්කීපිව ඒ නිවෙසට රැගෙන ආවේ ශාන්ත. එදා ඉඳලා ස්කීපි ඒ නිවෙසේ නිත්‍ය සාමාජිකයෙක් බවට පත් වුණා. ස්කීපිගේ වැඩවලින් සමහර වෙලාවට මුළු ගේම අවුල්ජාලයක් බවට පත්වුණත් ගෙදර කවුරුවත් ස්කීපිට කොසු, ඉදල් පෙන්නුවේ නැහැ. ආත්මයෙන් ස්කීපිට සුනඛ ආත්මයක් ලැබිලා තිබුණත් ශාන්තගේ බිරිය සහ දරුවෝ ස්කීපිට සැලකුවේ මනුෂ්‍යයකුට වගේ.
වෙලාවට නාවන්න, වෙලාවට කන්න බොන්න, වෙලාවට ඇවිදින්න ඒ විදියට ස්කීපිටත් කාලසටහනක් වෙන් වෙලා තිබුණා. ශාන්ත ස්කීපිට සැලකුවේ දරුවකුට වගේ. ශාන්තත්, ස්කීපිත් අතර තිබුණේ බොහොම ළෙන්ගතු හෘදයාංගම බැඳීමක්. ශාන්ත කන්න ගියත් නාන්න ගියත් කඩේ පිලට ගියත් වැඩට ගියත් ඒ කොයි ගමන ගියත් ස්කීපි ඔහු නැවත නිවෙසට පැමිණෙන තෙක් පෙරමඟට වෙලා බලන් ඉන්නට පුරුදු වුණා.
ශාන්ත වැඩ නිමවී නිවෙසට පැමිණි ගමන් කළේ ස්කීපි එක්ක මොහොතක් ගත කරන එක. එහාට මෙහාට උඩපැන පැන දුව දුව, ශාන්තගේ ඇඟේ එල්ලෙන ස්කීපි ශාන්තගේ සිරුරම කෙළවලින් නෑව්වේ හරියට ස්කීපිගේ ආදරය ශාන්තට දනවන්න වගෙයි. ස්කීපි කියන්නේ බොහොම ආදරණීය ගතිගුණ තියෙන තිරිසන් සතෙක් කියලා ඒ වනවිට ශාන්තගේ පවුලේ සියලුම දෙනා දැනගෙන හිටියා. යාබද නිවෙස්වලත්් ස්කීපි වැනි බලු සුරතලුන් සිටියත් ඒ සියලු දෙනාටම වඩා ස්කීපි සුවිශේෂී වුණේ ස්කීපිගේ ආදරණීය ගති ස්වභාවය නිසයි. ශාන්ත ගමේ අහල පහළට යනවා නම් ස්කීපිට එය නිරායාසයෙන්ම වැටහුණා. ඒ නිසාම තමයි ස්කීපි ශාන්ත පස්සෙන් යන්න පටන් ගත්තේ. හදිසියේවත් ඒ අතර මඟකදී ස්කීපි නොදන්න නමුත් ශාන්ත දන්නා පුද්ගලයෙක් එහෙම හමුවුණොත් ස්කීපිට හරියට කේන්ති යනවා.
ස්කීපිව සන්සුන් කරන්න ඒ වෙලාවට ශාන්තටත් විශාල වෙහෙසක් දරන්න සිද්ධ වුණා. 'ස්කීපි එපා, ස්කීපි ඒ මගේ යාළුවෙක්, කියලා ස්කීපිගේ හිස අතගාලා ශාන්ත එය ස්කීපිට වටහා දෙනකන් ස්කීපි සිය ගෝරනාඩුව නම් නතර කරන්නේම නැහැ. ඒ නිසාම ස්කීපි අහල පහළ නිවෙස්වල සාමාජිකයන් අතරත් බොහොම ජනප්‍රියයි.
ශාන්තයි, ස්කීපියි පාරදිගේ යද්දී මේ දෙන්නාගේ ආදරේ ගැන කවුරු හරි කතා කරද්දී ස්කීපි එයාගේ වලිගය වැනුවේ හරියට එයට ස්තුති පූර්වක වෙන්න වගෙයි. ශාන්තට යාබද නිවෙස්වල මිතුරු මිතුරියන් සිටියත් ස්කීපිට නම් එහෙම බලු මිතුරන් සිටියේ නැහැ. ස්කීපි සමඟ එයාල මිතුරු වෙන්න පැමිණියත් ස්කීපි ඒ සියලු බලු මිතුරන් ප්‍රතික්ෂේප කළේ මට හොඳ මනුස්ස හිතවතෙක් ඉන්නවා කියන්නට වගෙයි. ස්කීපි ඒ නිසාම නිරතුරුවම රැඳිලා හිටියේ ශාන්තගේ ගෙදරමයි. ගෙදර අයටත් ස්කීපිව හොයා ගන්න අමාරු වුණේ නැහැ. ශාන්තගේ කටහඬ ඇසුණ සැණින් ස්කීපි හිටියේ ශාන්තගේ දෙපාමුල.
ඒත්..! මේ මාසේ 8 වැනිදා හදිසියේම ශාන්ත මහත්තයා ගමනක් යනවා. ඒ ආපහු එන්න නෙවෙයි. ඒ අන්තිම ගමන.. ඒත් එදා ඉඳන් ස්කීපි කෑවේ බිව්වේ නෑ. ශාන්ත මහත්තයාගේ සිරුර ආදාහනය කරනකම් දවස් තුනක්ම ස්කීපි මිනී පෙට්ටිය යටට වෙලා නොකා නොබී මලානිකව වැතිරිලා හිටියා. බල්ලෙක් වුණාම අඬන්නද? කෑ ගහන්නද? කාට දුක කියන්නද? බල්ලට හිතෙන දේ අපි දන්නෙ නෑ.. ඒත් තමන්ව රැකබලා ගත්ත, තමන්ට ආදරේ කරපු, තමන්ගේ බඩගින්න නිවපු තමන්ගේ ස්වාමියා නැති දුක තනිය ස්කීපිට හොඳටම දැනුණා..
ශාන්ත මහත්තයාගේ ආදරණීය බිරිය ශිරාණි ෆොන්සේකා මහත්මිය ස්කීපි ගැන ඇත්තම කතාව අපිට මෙහෙම කිව්වා.
'මහත්තයා මේ බල්ලව ගෙනාවේ නුවරඑළියෙන්. මහත්තයා උෟට හරිම ආදරෙයි, නාවනවා, කවනවා, පොවනවා. මහත්තයා නැති වෙලා මිනිය ගෙදරට ගෙනාවම මම උෟට සිරුර පෙන්නුවා. ඒ වෙලාවේ ඉඳන් මිනීපෙට්ටිය යටින් හෙල්ලුණේ නෑ. කෑවේ බිව්වෙත් නෑ. කවුරු හරි උෟව එතැනින් අයින් කරන්න හැදුවොත් ගොරවනවා. ඉස්සර මහත්තයා වැඩ ඇරිලා ගෙදර එනකම් දොරකඩට වෙලා බලා ඉන්නවා. දුරම ගමනක් යනවානම් හැර අනෙක් හැම වෙලාවෙම පස්සෙන්මයි. අපි බයේ හිටියේ කෑම නොකා ස්කීපි මැරෙයි කියලා. සතකුට වුණත් වේදනාව දැනෙනවා. අන්තිමේදී අපි තුන්දෙනාටත් ස්කීපිටත් දුක දීලා මහත්තයා යන්න ගියා.'
ස්කීපිට කොහොමත් ශාන්ත නැති දුක දරාගන්න අපහසු වුණා. මළ ගෙදරට පැමිණි හැමෝම මේ තිරිසන් සත්ත්වයාගේ අපූරු ගතිගුණ දැකලා පුදුමයට පත්වුණා. මිනිස්සු අතරේ හොයාගන්නත් නැති මනුෂ්‍ය ගතිගුණ ස්කීපි කියන තිරිසන් සතා ගාව ඉතිරිවෙලා තිබුණා. බැඳීම්වලට නිසි වටිනාකමක් දීමට නොදන්නා මිනිසුන් අතරේ ස්කීපි සුවිශේෂී විදියට හැමෝගෙම මතකයේ සනිටුහන් වුණා.
අරුණි මල්ලවආරච්චි
රජිත තාමර