ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මිස් ෆ‍්‍රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ කිරුළ සඳහා තරග වදින අවසන් වටයට තේරුනු සුරූපී ප‍්‍රංශ යුවතියන් තිස්තුන් දෙනෙකු 16 දා ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.

මෙම සුරූපිනියන් සමග 2013 මිස් ෆ‍්‍රාන්ස් කිරුළ හිමිකරගත් මැරීන් ලෝෆෙලීන් මෙනවියද වුවාය. ඇය පසුගිය ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත්තාය.
මිස් ෆ‍්‍රාන්ස් රූ රැජින තරගාවලියේ මුලික වටයේ තෝරා ගැනීම් ප‍්‍රංශයේ පැරිස් නුවර ආශී‍්‍රතව සිදු කර ඇති අතර ප‍්‍රංශයේ කලාප 33 කින් පැමිණි වයස 18 ත් 25 ත් අතර වයසේ පුසවන සුරූපී යුවතියන් දහස් ගනනක් අතරින් අවසන් වටයට තේරුන සුරූපිනියන්ට මෙම ශ‍්‍රී ලංකා සංචාරය හිමි විය.
සිනමන් හෝටල් කාර්‍යමන්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්‍යමණ්ඩලය විසින් ගුවන්තොටුපොළ සේද මාවතේදී මෙරටට පැමිණි සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය.

මෙම සංචාරයේ ප‍්‍රචාරන කටයුතු සඳහා විදෙස් මාධ්‍ය වේදීන් 23 දෙනෙකුද අද දිවයිනට පැමිණි අතර එරට ප‍්‍රමුඛ පෙලේ පුද්ගලයින් 50 කට අධික පිරිසක්ද මෙරටට පැමිණියහ.
යුරෝ පන්ලක්ෂය වඩා වටිනාකමින් යුතු ප‍්‍රචාරන ප‍්‍රසිද්ධියක් ලබා ගනිමින් මෙය ටීඑෆ්1 ඔස්සේ මිලියන 10 කට අධික ලෝක වාසී පේ‍්‍රක්ෂයන් වෙත සජීවීව විකාශය කිරීමටද නියමිතය.
මීට පෙර තායිලන්තය, මාලදිවයින, මෙක්සිකෝව හා මුරුසි වැනි රටවල් කරා මිස් ෆ‍්‍රාන්ස් හි වැඩසටහන් ගමන් කර ඇතත් මිස් ෆ‍්‍රාන්ස් තරගාවලි ඉතිහාසයේ පළමු වරට එහි අවසන් වටයේ තරගකාරිනියන් ශ‍්‍රී ලංකාවට පැමිනි අවස්ථාව මෙය වෙයි.
ප‍්‍රංශ යුවතියන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය සඳහා නිල චාරිකා සහකරු ලෙස ශ‍්‍රී ලංකන් ගුවන්සේවයද, නිල සත්කාරක සේවා සහකරු ලෙස සිනමන් හෝටල් හා රෙසෝට්ස් ජාලය කටයුතු කරයි.
මෙම සංචාරයේදී සිනමන් ලොජ් හබරණ හා සිනමන් බේ බේරුවල යන සිනමන් හෝටල්හි මෙම පිරිස නවතැන් ගැන්මට අපේක්ෂිතය. විශේෂයෙන් සංස්කෘතික ත‍්‍රිකෝණයට හා වනජීවී උද්‍යාන වලට මධ්‍යගතව පිහිටා ඇති සිනමන් ලොජ් හබරන ඔස්සේ අතිශය සුන්දර සංස්කෘතික විවිධත්වය හා වනජීවී සුන්දරත්වය සංචාරයට එක්කරන අතර සිනමන් බේ බේරුවල හරහා රන් පැහැ වෙරළ තිරයක විවේකී සුන්දරත්වය ලගා කරමින් සුර්්‍යාලෝකය විඳිමින් මුහුද හා වෙරළ හරහා මොවුන් යොමු කිරීමට කටයුතු කර ඇත.

2014 වසරේ මිස් ෆ‍්‍රාන්ස් කිරුළ දිනාගන්නා ජයග‍්‍රාහිකාව මෙම සංචාරයෙන් පසු නැවත මෙරටට පැමිනෙන අතර එහිදි සිනමන් හෝටල් හා රෙසෝට්හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරමින් මෙරටදි මෙන්ම ප‍්‍රංශයේදී ද විවිද වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිතය.
සිනමන් හෝටල් හා රෙසෝට්හි සන්නාම අලෙවි ප‍්‍රධානී හා උප සභාපති දිලිප් මුද්දෙනිය මහතා පැවසූවේ මෙම උත්කර්ශවත් අන්තර්ජාතික ඉසව්ව සඳහා නිල සත්කාරන සේවා සැපයුම්කරු ලෙස කටයුතු කිරීමට ලැබීම මහත් ගෞරවයක් වන බවයි.

2014 මිස් ෆ‍්‍රාන්ස් තරගාවලිය ඔස්සේ ශ‍්‍රී ලංකාව උසස් තත්වයේ ගමනාන්තයක් ලෙස ගෝලීය වශයෙන් අවධානයට පක් වන බවත් ඔහු පැවසීය.
මෙරට සුන්දර දර්ශන තල ආශ‍්‍රීතව සිදුකෙරෙන රූප ගත කිරීම් හරහා මෙරට සුන්දරත්වය පිළිබිඹු කරන අතරේදීම මෙරට සතු අද්විතීය සංස්කෘතිය හා උනුසුම් ආගන්තුක සත්කාරශීලිත්වය තරගාවලිය නරමන්නන් කරා ගෙන යා හැකි වන බවත් කීය.
තමන් ඇතුළු සමස්ත සිනමන් කාර්‍ය මණ්ඩලයම මෙම සුන්දර යුවතියන් පිළිගෙන ඔවුන්ට හරවත් අත්දැකීමක් සමීප කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් කීවේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්