ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ශ්‍රී ලංකාවට එරෙහිව කිලිං ෆිල්ඩ් ඇතුළු චැනල් ෆො නාලිකාවේ ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ කැලම් මැක්‌රේ ඇතුළු සිවුදෙනකු ඊයේ (11 වැනිදා) දහවල් ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිරිපිට පැවති මහජන උද්ඝෝෂණයක්‌ හේතුවෙන් පැය 2 1/2 ක කාලයක්‌ ගුවන්තොටුපළෙන් පිටවිය නොහැකිව එහි විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ රැඳී සිටීමට සිදුව ඇත.
මැක්‌රේ විසින් චැනල් ෆො චිත්‍රපට ඔස්‌සේ ශ්‍රී ලංකාවට කළ අපකීර්තියට විරෝධය දක්‌වා විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ජාතික සමගිය සඳහා වූ සංසදය නමැති සංවිධානයක්‌ මගින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

එහිදී මැක්‌රේ ඇතුළු පිරිසට විරෝධය දක්‌වා විරෝධතා පුවරු රැගත් අතිවිශාල පිරිසක්‌ ගුවන්තොටුපළේ පිටවීමේ පර්යන්තය ඉදිරිපිටට රැස්‌ වී උද්ඝෝෂණය කර ඇත.



කැලම් මැක්‌රේ ඇතුළු පිරිස මෙසේ ගුවන්තොටුපළේ සිරවී සිටියදී ඔහු වෙත ගිය ශ්‍රී ලාංකික ගුවන් මගියෙක්‌ "නුඹ ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ වුවමනාවට ශ්‍රී ලංකාවට එරෙහි වූයේ ඇයිදැයි" ප්‍රශ්න කරමින්, මෙරට ප්‍රශ්න ශ්‍රී ලාංකිකයන්ට විස¹ ගැනීමට ඉඩ හැර මේ ආකාරයෙන් කටයුතු නොකළා නම් මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු නොවන්නේ යෑයි කියා ඇත.

පසුව ගුවන්තොටුපළ ඉදිරිපිට රැස්‌වී සිටි ජනමාධ්‍යවේදීන් මැක්‌රේගෙන් විවිධ ප්‍රශ්න විමසා ඇති අතර එහිදී "ඔබ එල්. ටී. ටී. ඊ. හිතවාදී විදේශීය ද්‍රවිඩ ඩයස්‌පෝරාවෙන් මුදල් ලබාගෙන ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළා නොවේදැයි" ජනමාධ්‍යවේදියෙක්‌ කළ විමසීමකදී ඊට පිළිතුරු දුන් මැක්‌රේ තමන් ඩයස්‌පෝරාවෙන් මුදල් නොගත් බව පවසා ඇත.

ඒ සමඟම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කර මෙරටට පැමිණියේ කුමකටදැයි මාධ්‍යවේදීන් නැවතත් ප්‍රශ්න කර ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ සාමය පැහැදිලිවම ස්‌ථාපිත වී තිබෙන බැවින් මෙහි ඒමට තීරණය කළ බව පවසා ඇති මැක්‌රේ මෙරටට පැමිණියේ ගැටලු මතු කිරීමට නොවන බව ද සඳහන් කර ඇත.

මේ අන්දමින් පැය 2 1/2 ක පමණ කාලයක්‌ මැක්‌රේ ඇතුළු කණ්‌ඩායම ගුවන්තොටුපළේ සිරවී සිටියදී උද්ඝෝෂණයට සහභාගි වූවන් විරෝධතා නැවැත්වීම නිසා මැක්‌රේ ඇතුළු පිරිස පස්‌වරු 2 ට පමණ ගුවන්තොටුපළෙන් පිටව ගොස්‌ තිබේ.

මෙහිදී මැක්‌රේ සමඟ පැමිණි වීඩියෝ කැමරා ශිල්පියකු ගුවන්තොටුපළ තුළ සිදු වූ සියලු දේ වීඩියෝගත කළ බව එහි සිටි ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්