ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

බිත්තරයක් තුළ සිටි අඟල් 04 ක් පමණ දිග ජීවී පණුවෙක් සොයා ගැනීමට හැකිවු බව වාරියපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක සී.එස්.මුතුකුඩ මහතා සදහන් කරයි. වාරියපොල - මැල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙළද සැලකින් මිළදී ගත් බිත්තරයක් තුළ මෙම පණුවා සිට ඇත. පසුව පණුවා සහිත බිත්තරය එම නිවැසියා විසින් වාරියපොල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත.
මා වෙත ඉදිරිපත් කරණ ලද පණුවා ජීවී තත්ත්වයෙන් සිටියා.පසුව මම එම බිත්තරය සහ පණුවා වාරියපොල පිහිටි සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ රසානයාගාරයේ වෛද්‍ය චින්තක කරුණාරත්න මහතා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරණු ලැබුවා.


මා විසින් ඉදිරිපත් කර ඇති බිත්තරයේ සිට ඇත්තේ නිව්ටෝඩා වර්ගයට අයත් පණුවෙක් බවත්,සාමාන්‍යයෙන් මෙම පණුවා කුකුළන්ගේ ශරීරය තුළ ජීවත් වුවත් උන් බිත්තරයක් තුළට ඇතුළු වීමේ ප්‍රවනතාවය අඩු බවද වෛද්‍ය කරුණාරත්න මහතා කියා සිටියා.ඇතැම් විට කිකිලියගේ කුස තුළ බිත්තරය මෝරන්නට පෙර මෙම පණුවා ඇතුළු වීමට ඉඩ ඇති බවත්,කෙසේ වෙතත් බිත්තරයක් තුළ සිටි පණුවෙකු තමන් දුටු පළමු වතාව මෙය බවද වෛද්‍ය කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා. යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සී.එස්.මුතුකුඩ මහතා අප සමග පැවසීය.
තමන්ට හමුවු මෙම පණුවා සහිත බිත්තරය ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා වාරියපොල පිහිටි සත්ත්ව නිෂ්පාදන පර්යේෂනාගාරයේ තබා ඇතිබවද මුතුකුඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්