කාටූන් නැරඹීම තහනම් බව පවසමින් ඉන්දියාවේ ඉස්ලාමීය පූජක පිරිසක් නියෝගයක් ප්‍රකාශයට පත්කර ඇත.උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සහරන්පූර් දිස්ත්‍රික්කයේ ඩියෝබෑන්ඩ් නගරයේ ‘ඩරුල් උලූම්’ ඉස්ලාමීය ආගමික මධ්‍යස්ථානයේ පූජක පිරිසක් විසින් මෙම තීන්දුව ලබා දී ඇතැයි බැංගලෝරයේ ‘ඩෙකෑන් හෙරල්ඩ්’ පුවත්පත වාර්තා කර තිබේ. ප්‍රහසන චරිත ද ඇතුළත් සජීවීකරණ නිර්මාණ ඉස්ලාම් දහමට විරුද්ධ බව පවසා ඇති මෙම පූජක පිරිස ඒවා නැරඹීම තහනම් කර ඇත.
‘ඩෙකෑන් හෙරල්ඩ්’ පුවත්පතට අදහස් දක්වා ඇති ජ්‍යෙෂ්ඨ පූජකතුමකු වන මුෆ්ටී අරීෆ් ක්වස්ම් කාටූන්, පින්තූර වුව ද ඒවා ළමයින් සඳහා නොවන බව ද ඒවා නොබැලිය යුතු බව ද සඳහන් කර ඇත. සජීවීකරණ නිර්මාණ පිළිබඳ ඉස්ලාම් ඉගැන්වීමේ බොහෝ පැහැදිලි කිරීම් ඇති බව සහ අල්ලාගේ මැවීම් අනුකරණය කිරීම ඉස්ලාම් දහමට කරන අවමන් කිරීමක් යන පදනම මත පිහිටා සජීවීකරණ නිර්මාණ දැඩි ලෙස තහනම් කර ඇති බව මුෆ්ටි අරීෆ් වැඩිදුරටත් සඳහන් කර තිබේ. කෙසේ වුව ද ඡායාරූප සහ වීඩියෝ සඳහා මෙම තහනම බලපා නැත.
ඩරුල් උලූම් ආගමික නායකයින්ගේ මෙම තීරණය බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ. කෙසේ වුව ද ඩරුල් උලූම් ආගමික මධ්‍යස්ථානය මතභේදයට ලක්වන තීන්දු ලබා දුන් පළමු අවස්ථාව මෙය නොවේ. ඇල්කොහොල් අඩංගු සුවඳ විලවුන් භාවිතය, ටැටූ කෙටීම, කලිසම් හෝ බටහිර පන්නයේ හිසකෙස් විලාසිතා යෙදීම කාන්තාවන්ට තහනම් කරමින් ඔවුන් මෙයට පෙර ද නියෝග ලබා දී තිබේ.
(බි.බි.සී.)