ගිරාදුරුකේට්ටේ, අළුත්තරම ප‍්‍රාථමික විදුහලේ විදුහල්පතිවරයා පිරිමි දරුවකු ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි. මෙසේ ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ, උල්හිටිය ප‍්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පිරිමි දරුවෙකි.
විදුහල්පතිවරයා ඊයේ රාත‍්‍රියේ මෙම පිරිමි දරුවා විදුහල්පති නිවසට පාඩම් කරවීම සඳහා ගෙන්වා ගෙන ලිංගික අපයෝජනයට ලක් කර ඇත. පිරිමි දරුවා ඒ පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමෙන් අනතුරුව දෙමාපියන් ගිරාඳුරුකෝට්ටේ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම දරුවා අ.පො.ස. සාමන්‍ය පෙළ අසමත් වී ඇති අතර ඔහු දෙවන වර විභාගයට පාඩම් කරවීම සදහා මෙසේ විදුහල්පති නිවසට ගෙන්වාගෙන තිබේ. සිද්ධියෙන් පසු මෙම දරුවා ගිරාඳුරුකෝට්ටේ මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර වෛද්‍ය පරීක්ෂණ සඳහා මහියංගනයට ද පසුව බදුල්ල මහා රෝහල වෙත මාරු කර යවා තිබේ.
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා මහියංගන මහේස්ත‍්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත‍්‍රත් ගාමිණි පී. රඹකැන්පුර මහතා විසින් සැකකරු ලබන 17 වන දිනතෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග ඇත. දරුවාගේ ප‍්‍රකාශයට අනුව විදුහල්පති හිමිනමක් ද එම අවස්ථාවේ නිවසේ සිට ඇති අතර එම හිමිනමද අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන මහේස්ත‍්‍රත්වරයා පොලිසියට නියෝග කර ඇත.
(විමුක්ති සංජය පෙරේරා-බදුල්ල)