ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

විදේශීය ශ්‍රමිකයන්ගේ නම් සහ ව්‍යාජ ලිපින භාවිතා කරමින් ටයිල් තොගයක් සමඟ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන් වූ ටීම් වර්ගයේ දුම්වැටි තොගයක් අඩංගු පෙට්ටි හයක් ඊයේ (5) ශ්‍රි ලංකා රේගු ආදායම් අධික්ෂණ අංශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ ලාංඡනය ද තබන ලද මෙම දුම්වැටිවල යුරෝපීය ආර්ථික කොමිසම අනුමත කළ බවට සලකුණු කර තිබිණි.

මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් මිලියන හයකි. අත්අඩංගුවට ගත් දුම්වැටි ප්‍රමාණය 25,000කි.
අනර්ඝ තත්ත්වයේ ටයිල් අසුරන ලද පෙට්ටි වල බහා එවන ලද දුම්වැටි තොගය අත්අඩංගුවට ගැනුනේ පෑලිය‍ගොඩ ප්‍රදේශයේ මගී ගමන් භාණ්ඩ නිෂ්කාශනය ආයතනයකට එවා තිබිය දීය.
ව්‍යාජ ලිපිනයන් යොදා ගනිමින් දිගින් දිගටම අනවසර දුම්වැටි මෙරටට එවන බව පවසන රේගු ආදායම් අධිකෂණ අංශයේ රේගු අධිකාර පරාක්‍රම බස්නායක මහතා පවසන්නේ විවිධ පරීක්ෂාවන්ගෙන් අනතුරුව වැටලීම් සිදු කරන බවයි.
මේ පරීක්ෂා කිරිම්වලින් සියයට 90ක් පමණ අනවසර දුම්වැටි රටට පැමිණීම නතර කර ඇතැයි ද බස්නායක මහතා වැඩි දුරටත් කියා සිටියේය.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර මහතාගේ උපදෙස් මත රේගු ආදායම් අධිකෂණ අංශයේ අධ්‍යක්ෂ මාලි පියසේන මහතා‍ ඇතුළු නිලධාරිහු වැටලීමි සිදු කළහ.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන සිරිපාල එදිරිමාන්න, ජේ ඒ චන්ද්‍රරත්න, රේගු අධිකාරි පරාක්‍රම බස්නායක,වසන්ත රන්දෙණිය,එස් කේ. කේ ටික්සන්,පී බී ඥාණරාජ්,ජේ පී එස් ජයකොඩි නියෝජ්‍ය රේගු අධිකාරිවරුන් වන සුරිය බණ්ඩාර, අඹගහවත්ත, තිස්ස දහනායක, සුරේෂ ජයලත්,චන්දිමාල්,විපුල ප්‍රනාන්දු,මැකිසි ප්‍රනාන්දු, අජිත් කරුණාරත්න හා චාන්දනී සෙනෙවිරත්න යන නිධාරිහු පරීක්ෂණ සිදු කළහ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්