ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අදටත් මිනිසුන්ගේ මතකයේ රැඳි කෝර‍ලේ මහත්තයාහි සිලිදි නම් ගැමි තරුණිය වඩාත් ජනප්‍රියත්වයට පත්වන්නේ ජාතික රූපවාහිනියේ විකාශය වූ ඉහිරුණ කිරි ටෙලි මාලාව නිසයි. ඇය ගැන තොරතුරු ඔබට කියන්න ශාලිකා එදිරිසිංහව අපි මෙවර රිවිසරසිය හා එකතුකර ගත්තෙමු.

ශාලිකා පසුගිය දිනවල තරමක් කාර්යබහුල වෙලා හිටියා නේද?
ෂූටින්වලට අමතරව ආරාධනා ලැබුණු අවුරුදු උත්සවවලට සහභාගි වුණා. ඒ නිසා ඉතින් ටිකක් කාර්යබහුල වුණා.

අලුත් ටෙලි නිර්මාණයක් සඳහා දායක වුණා කියලා ආරංචි?
චමින්ද අලුත්වීදිය අධ්‍යක්ෂණය කරන දූවිලි මල් නාට්‍යයට තමයි සම්බන්ධ වුණේ. කමලා කියලා ගැමි තරුණියකගේ චරිතයක් තමයි නිරූපණය කරන්නේ. ඒ හැරුණාම චිත්‍රපටයකත් තවත් ටෙලි නිර්මාණයකත් වැඩකටයුතු කරගෙන යනවා.

ලැබෙන හැම චරිතයක්ම ශාලිකා භාරගන්නවාද?
මෙහෙමයි. කරන ඕනෑම දෙයකට සාධාරණයක් ඉටු කරන්න ඕනි. මම කරන චරිත නිරූපණයක් හරහා අපිට ආදරය කරන රසිකයන්ට හරවත් දෙයක් ලබාදෙන්න පුළුවන් නම් චරිතය හරහා මගේ දක්ෂතාවන් පෙන්විය හැකි නම් ලැබෙන චරිත භාරගන්නවා.

මතෛක් නිරූපණය කළ චරිත පිළිබඳ සෑහීමකට පත්වෙනවාද?
මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු දොළහක් වෙනවා. ඒ කාලය තුළ මගේ දක්ෂතාවන් පෙන්විය හැකි චරිත ලැබුණාද කියන ප්‍රශ්නය තිබුණත් කරපු හැම නිර්මාණයක් අතරෙම මම ආසා කරපු වෙනස් විදිහේ චරිත තිබුණා.

ශාලිකා මෙගා නාට්‍යවලට කැමැතිද?
මෙගාවලට සහභාගිවෙලා තියෙනවා. අපි කරන්නේ රංගනයත ඒ නිසා නිර්මාණය කරන්නේ මෙගා නාට්‍ය නම් අපිටත් ඒවාට දායක වෙන්න වෙලා තියෙනවා.

ක්ෂේත්‍රය තුළ ඉදිරි ගමනක් යන්න අතිශය ළඟ ඇසුරක් අවශ්‍යද?
ඒ ගමන අසාර්ථකයි වගේම කෙටි ගමනක්. තමන් දක්ෂ නම් කිසිම කෙනකුට අවනත විය යුතු නෑ. මේ ක්ෂේත්‍රයේ දක්ෂ අධ්‍යක්ෂවරු, දක්ෂ රංගන ශිල්පීන්, ශිල්පිනියන් ඉන්නවා. සමහර කිහිප දෙනෙක් කරන වැරදිවලට හැමෝටම ඇඟිල්ල දික් කළ යුතු නෑ.

රංගන ශිල්පිනියක් කියන භූමිකාව තුළ ක්ෂේත්‍රයේ අපහසුතාවට පත්වෙලා නැද්ද?
මම වේදිකාවෙන් ආපු නිළියක්. යම් නිර්මාණයකට මාව තෝරා ගත්තත් සම්මුඛ පරීක්ෂණයක් හරහා ආ යුතු පිළිවෙළටයි මම මේ ක්ෂේත්‍රයට ආවේ. අද වනතුරු මගේ දක්ෂතාව අනුව නිර්මාණ සඳහා තෝරාගත්තා මිසක් කිසිම කෙනෙකුගේ පස්සේ ගිහින් නිර්මාණවලට දායක වෙලා නෑ.

වේදිකාව දැන් මග හැරිලාද?
අනේ නෑ. මේ දවස්වල නෙයිනගේ සූදුව වේදිකා නාට්‍යයට තමයි සම්බන්ධ වෙලා ඉන්නේ.

ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න කැමැත්තක් ශාලිකාට නැද්ද?
දැනට නම් එවැනි දේකට ආර්ථිකයෙන් ‍පෝෂිත නෑ මම. නමුත් සියලු අත්දැකීම් එකතු කරලා හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න කැමැත්තක් තියෙනවා.

හිතේ ඇඳුණු කරන්න කැමැති චරිතයක් තියෙනවාද?
මට විවිධාකාර වූ චරිත ලැබෙනවා නම් කැමැතියි. ඒ වගේම මට විවිධ චරිත නිරූපණය කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අතරේ මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයක් නිරූපණය කරන්න හිතේ ‍පොඩි කැමැත්තක් තියෙනවා.

පිළිවෙළක් වෙන්න කලවයස හරි කියලා හිතෙන් නැද්ද?
විවාහය කියන්නේ බුද්ධිමත්ව ගත යුතු තීරණයක්. එකපාරක් ‍නෙවෙයි දෙපාරක්, තුන්පාරක් හිතන්න ඕනි. විශ්වය කොයි වෙ‍ලේ හරි ඒ දේ මට ලබාදෙයි. එතකන් බලමු ඉතින්.

ඔබ ක්ෂේත්‍රයට ඇවිත් වසර දොළහක්. නැවත හැරිලා බලපුවාම ආ මග ගැන සතුටුද?
මම ලද දෙයින් සතුටු වන කෙනෙක්. නොදකින හෙට දවසක් ගැන හරි නොලැබුණු අතීතයක් ගැන හරි හිතනවාට වඩා ජීවත්වන අද දවස කාටත් කරදරයක් නැතුව සතුටින් ඉන්නයි උත්සාහ කරන්නේ. ඒ නිසා හැරිලා බැලුවම ආ මග ගැන සතුටුයි.
ෂයමි ගමගේ
ඡායා-චමිල කරුණාරත්න

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්