ජිනීවා මානව හිමිකම් සමුළුව තුළින් උතුරු නැගෙනහිරට අන්තර් පාලනයක් ලබාදෙන ලෙස සඳහන් වන යෝජනාවක් මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් ප්‍රමුඛ යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන කණ්‌ඩායම් විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කර ඇත.
කරුණු හතකින් යුත් මේ යෝජනා ඇමරිකානු යෝජනාවට සම්බන්ධ කරන ලෙසද ඉල්ලා තිබේ.
එකී කරුණු අතර උතුරු නැගෙනහිරට ස්‌වයං පාලන ලබාදීම, යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනය, පැවැත්වීම, ද්‍රවිඩ නිජබිම පිළිගැනීම, කොටි සැමරීමට, ඉඩදීම ගැනද දන්වා ඇත.
මෙම අන්තර් පාලන යෝජනාව කොළඹ සියලුම බටහිර තානාපති කාර්යාලවලටද ලබාදී ඇත.
ලබන මාර්තු මස 26 දා මෙකී ඇමරිකානු යෝජනාව ගැන විවාදය පැවැත්වීමට පෙර ඊට මෙකී කරුණු ඇතුළත් කර එම ඇමරිකානු යෝජනාව සංශෝධනය කර ගැනීම මන්නාරම් රදගුරු ප්‍රමුඛ කණ්‌ඩායමේ අරමුණ බව රජයට හෙළිවී ඇත.
මේ අතර කොටි ඩයස්‌පෝරාව විසින් ජිනීවා හි ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය තානාපතිවරුන්ගේ දැඩි බලපෑම් එල්ල කරමින් ඇමරිකානු යෝජනාව සංශෝධනය කරන්නැයි ඉල්ලා තිබේ.
ඒ අනුව නව සංශෝධන යෝජනාවන් ඉදිරිපත් කිරීමට නියමිත බව ජිනීවා ආරංචි මාර්ග පැවැසෙයි .