ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

සිය මව, පියා, සැමියා හා දරුවා එකවරම අසනීප වීම දරා ගත නොහැකිව පාසල් ගුරුවරියක වූ තරුණ මවක්‌ නිවසේ සියල්ලන් නිදාගත් පසු එළියට පැමිණ සිරුරට පෙට්‍රල් හලාගෙන ගිනි තබාගෙන මිය යැමේ පුවතක්‌ ඊයේ (11 දා) කුලියාපිටිය තලහිටිමුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙසේ මියගොස්‌ ඇත්තේ තලහිටිමුල්ල අලලුව පදිංචි යමුනා ප්‍රියදර්ශනී අත්තනායක නමැති 35 හැවිරිදි එක්‌දරු මවකි. උපාධිධාරිනියක වූ ඇය මියයන විට කුලියාපිටියේ විද්‍යාලයක පුස්‌තකාලයාධිපතිනිය ලෙස සේවය කරමින් සිට ඇත.

යටියන දකුණු කෝරළයේ හදිසි මරණ පරීක්‍ෂක රෙක්‍ෂාන් රත්නායක මහතා සිද්ධිය වූ ස්‌ථානයේදී පැවැත්වූ මරණ පරීක්‍ෂණයේදී මියගිය කතගේ සැමියා වන ඒ. එම්. කීර්තිරත්න (38) මහතා පැවැසුවේ තමන් නවගත්තේගම ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්‌තව මානව සම්පත් කළමනාකාරවරයකු ලෙස කටයුතු කරන අතර බිරිඳ කුලියාපිටිය විද්‍යාලයක සේවය කරන බවයි. බිරිඳ ඇගේ මව්පියන් සමග මහගෙදර සිටින බවත් තමන් සතියකට වරක්‌ නිවසට පැමිණෙන බව ඔහු කීවේය. මෙවර පැමිණෙන විට පවුලේ සියලු දෙනා අසනීප වී සිටි බවත් තමාද අසනීප වූ බවත් ඔහු කීවේය. සිද්ධිය වූ දින බිරිඳ තුන් හැවිරිදි දියණිය සමග ඇඳේ නිදාගත් අතර තමා බිම මෙට්‌ටයක්‌ දමා නිදාගත් බවත් රාත්‍රි 12.45 ට පමණ බිරිඳ තමන්ට බෙහෙත් පෙත්තක්‌දී කකුල් කැක්‌කුමට බෙහෙතක්‌ද ආලේප කළ බවත් පසුව තමාට නින්ද ගිය බවත් ඔහු පැවැසීය. පාන්දර 4.30 ට පමණ බිරිඳගේ මව චූටි මැණිකේ (මියගිය අය) කෝ කියා ඇසූ බවත් ඇය කාමරයේ නොසිටි නිසා තමන් බිරිඳගේ සොහොයුරියක වන දීපිකාත් සමග එළියට ගොස්‌ බලනවිට නිවස අසලම මිදුලේ ඇය පිළිස්‌සී වැටී සිටි බවත් ඔහු පැවැසීය.

සිද්ධිය වූ ස්‌ථානයේ ගිනි පෙට්‌ටියක්‌, පිළිස්‌සී ගිය ප්ලාස්‌ටික්‌ බෝතලයක්‌ වැනි දෙයක්‌ හා ජංගම දුරකථනයක්‌ තිබී පොලිසිය විසින් සොයාගන්නා ලදි.

සිද්ධිය වූ ස්‌ථානයට කුලියාපිටිය සහකාර පොලිස්‌ අධිකාරි 1 පියසිරි ප්‍රනාන්දු මහතා පැමිණ සිටි අතර කුලියාපිටිය මූලස්‌ථාන පොලිසියේ ප්‍රධාන පො.ප. අශෝක ගුණසේකර මහතා ඇතුළු නිලධාරීහු හා පොලිසියේ අපරාධ ස්‌ථාන නිරීක්‍ෂණ මධ්‍යස්‌ථානයේ නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

මේ පිළිබඳ පශ්චාත් මරණ පරික්‍ෂණ කටයුතු කුලියාපිටිය මූලික රෝහලේ දී ඊයේ (11 දා) සවස සිදුකිරීමට නියමිතව තිබිණි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්