මගේ දරුවාට ලියුකේමියාව- සිසුවාට කන පැළෙන්න ගැසූ ගුරුවරයා කියයි
මම පොලිසියට කට්‌ටි පනින්නේ නැහැ. (අද) බදාදා සවස අරලංගවිල පොලිසියට ඉදිරිපත් වෙනවා යෑයි බත්කමින් සිටි පාසල් සිසුවෙකුට කනට පහර දුන්නේ යෑයි කියනු ලබන අරලගංවිල විලයාය මධ්‍ය මහා විදුහලේ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයා වූ ජගත් නන්දන යන අය දිවයිනට ඊයේ (05 දා) දුරකථනයෙන් ප්‍රකාශ කළේය.
ඔහු මෙසේද පැවැසීය. මෙම සිද්ධියෙන් පසු හදිසියේම මම මහරගම ආවා. මගේ පුතා ලිව්කේමියා රෝගය සෑදී මහරගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පාසල් සිසුවාගේ පැමිණිල්ලට පොලිසියෙන් මාව හොයනවා. ඒත් රෝහලේ සිටින මගේ දරුවා නිසා මට අරලගංවිල පොලිසියට යන්න බැරිවුණා. බදාදාට මම පොලිසියට යනවා.
සිසුවාට පහරදීමේ චෝදනාවට ලක්‌වූ මෙම ගුරුවරයා වැඩිදුරටත් කරුණු දන්aවමින් කියා සිටියේ මෙසේය. මෙම සිසුවාට මා දුන් දඬුවම නිසා ඔහු පොලිසියට යන බව කිව්වා.
මා සිසුවා වෙත කනගාටුව පළ කළේ තවදුරටත් එම සිසුවා සමග පාසලේ අමනාපයෙන් සිටිය නොහැකි නිසයි.
මෙම සිසුවාගේ පියාද තමාට බැන වැදුණු නමුත් තමා ඔහුට විරුද්ධව පොලිසි නොගිය බවද ඔහු කීවේය.