ඊයේ (01) නිකුත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වූ බුත්තල ප‍්‍රදේශයේ දැරියක් මව්පියන් විසින් නිවසින් එළවා ඇතැයි වාර්තා වේ. දැරියට පිටව යන්නට මව්පියන් විසින් ඇඳුම් බෑගයක් අසුරා දී ඇති අතර නැවත නිවසට නොපැමිණෙන්නැයි ද මව්පියන් දැරියට තරවටු කර තිබේ. ඒ අනුව ඇය කිලෝමීටර 4ක් පමණ ඈතින් වූ ඇගේ යෙහෙළියකගේ නිවසකට ගොස් තිබේ. එහිදී එම නිවසේ මව්පියන් මේ පිළිබඳව පරිවාස දෙපාර්තමේන්තුවට සහ ඇය ඉගෙනගන්නා පාසලේ විදුහල්පතිවරයාටත් දැනුම් දී ඇත.
සිද්ධිය සැලවූ විදුහල්පතිවරයා පැමිණ කරුණු විමසා දැරියගේ මව්පියන් ද කැඳවා ඔවුන්ට ද කරුණු පැහැදිලි කරදී තිබේ. අවසානයේදී මව්පියන් විසින් ඇය නැවත භාරගෙන තිබෙන නමුත් දැරිය මව්පියන් සමග පිටව ගොස් තිබෙන්නේ නැවත යා නොහැකි බවට කඳුළු සලමින් බව පැවසේ.